කොකා කෝලා සහ පෙප්සිකෝලාවල තහනම් රසායන ද්‍රව්‍ය
ඇමරිකාවෙ ඇති ඇතැම් බීම වර්ග වල අන්තර්ගතයන් ලොව ඇතැම් ප‍්‍රදේශවල තහනම් කරන ලද ඒවාය. මවුන්ට් ඩිව්, ගැටොරේට්, ස්ක්වර්ට් සහ පෙප්සිකෝ, කොකා කෝලා හෝ ඩොක්ටර් පෙපර් ස්නැපල් ගෲප් ආදී සමාගම් වල බොහෝ නිෂ්පාදන වල ඇති බ්‍රෝමිනීකරණය කල එලවලූ තෙල් (ඹ්VO) යුරෝපය හා ජපානයේ තහනම් කර ඇත.ඇමරිකාවේ අලෙවි කරන බීම වර්ග වලින් 10% ක පමණ මෙම BVO අඩංගු බව නිවුයෝර්ක් ටයිම්ස් වාර්කා කරයි. සාරා කවානාග් නම් තරුණියක් කියා ඇත්තේ මෙම තෙල් වල අතුරු ඵල අතර ස්නායු අසාමාන්‍යතා හා තයිරොයිඞ් හෝමෝන වෙනස් කිරීම ආදිය ඇතැයි අන්තර්ජාලයෙන් සොයාගත් බවයි. මේ ගැන දැන ගැනීමෙන් පසු ඇය change.orgහි ඒ පිලිබඳ දැනුවත් කිරීමේ
ව්‍යාපාරයක් අරඹා ඇත. නොවැම්බරයේ ඇරඹූ BVO ාජ්‍ය තහනමකට ලක් කරන ලෙස අත්සන් කෙරෙන පෙත්සමකට මේ දක්වා අත්සන් 205000 ක් ලැබී ඇත.
ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය ටි‍්‍රබියුන් වෙත කියා තිබුණේ ඇමරිකාවේ විකුණන සියළු ආහාර මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු බවයි. එසේ නමුත් BVO හි අන්තර්ජාතික තහනමකට මූලික වූ හේතු නිවැරදි කිරීමට ඔවුන් උත්සාහ නොකරයි. ඇතැම් අධ්‍යයන අනුව BVO ලට ඇබ්බැහි වීමක් හෝ මරණීය බවක් මේ දක්වා සොයා ගෙන නැත. නමුත් කවානාග් පෙත්සමේ දක්වන්නේ BVO හි ඇති බ්‍රෝමීන් මූලද්‍රව්‍ය ගිණි නිවන ද්‍රව්‍ය සහ පෙට්‍රෝලියම වල ඇති එකක් බවයි.
මේ පෙත්සම තවත් අත්සන් 95000ක් ලබා ගෙන සම්පූර්ණ වූ පසු ගැටෝරෙට්, පෙප්සිකෝ සහ අනෙකුත් ආයතන වලට යැවෙනු ඇත්තේ පාරිභෝගිකයන් නොරවටන ලෙස ඉල්ලමිනි.
Posted in:
coca cola,
sri lanka gossip news,
srienews.com
හ්ම්. ඒත් ඉතින් කොකා කෝලා, පෙප්සි කෝලා වගේ දෙවල් ශරීර සෞඛ්‍යයට අහිතකර බව කවදාවත් රහසක් වෙලා තිබ්බෙ නෑ. ඒ බව දැන දැනත් මිනිස්සුන්ට ඒවම බොන්න ඕනනම් ඒක ඒ මිනිස්සුන්ගෙ වැඩක්.
ReplyDelete