දම්වැලකින් බැඳ වැඩගත් පුද්ගලයා භාරගන්න කෙනෙක් නෑ
ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේ දී පසුගිය දෙසැම්බර් මස 17 දා කදාන පොලිසියට හමුවූ දම්වැලකින් බඳින ලද පුද්ගලයාව ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර සුව වී ඇතත් භාර ගැනීමට කිසිවකු නොමැතිකමින් රාගම රෝහලේ 7 වැනි වාට්‌ටුවේ ඔහු හුදෙකලා වී ඇත.රාගම රෝහලේ රෝගීන්ගේ හා වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්‌ඩලයේ අනුකම්පාව ලබමින් සිටින මකුළුදූව පලිගෙදර පිළියන්දල පදිංචිව සිටි කල්පගේ දොන් අරුනෝලිස් ජයතිලක නමැති අයව ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලනඥයකුගේ මාමා කෙනකු විසින් දම්වැලකින් බැඳ මෙහෙකාර සේවයේ යොදවාගෙන සිට ඇති අතර දරාගත නොහැකි කුසගින්න නිසා දම්වැල පිටින්ම කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයට පැමිණ කුණු බක්‌කියක් අවුස්‌සමින් සිටිය දී කදාන පොලිසියේ ජංගම මුර සේවා නිලධාරීන්ට හමුවීමෙන් පසු මෙම පුද්ගලයාව රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර රාගම රෝහලේ ප්‍රතිකාර සඳහා 7 වැනි වාට්‌ටුවට ඇතුළත් කර තිබිණි. ධනවත් ව්‍යාපාරිකයාව මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්
අනතුරුව රක්‌ෂිත බන්ධනාගාරගත කර සිට පසුගිය 21 වැනිදා ඇපමත නිදහස් විය.
රාගම රෝහලේ හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින අරුනෝලිස් මහතා අදහස් දක්‌වමින් මෙසේ පැවසීය.
"මට ඒ මහත්තයාගේ ගෙදරට වඩා රෝහල හොඳයි. ඥාති කිසිවෙක් මාව භාර ගන්න බෑ කියනවා. රාගම රෝහලේ රෝගීන් බලාගන්න රැකියාවක් කිරීමට මම කැමතියි. මා අතේ ඉතිරි කරගත් මුදලක් නෑ. මම මැරුණු දවසකට පෙට්‌ටිය ගන්න හරි මට මුදලක් අවශ්‍යයි. නොකා නොබී වැඩ කරපු තැන අයගෙන් මට වැටුපක් තියා කන්ඩවත් ලැබුණේ නෑ. මට ඊට වන්දි මුදලක් ලබාදෙනවානම් ලොකු පිනක්" යෑයි ප්‍රකාශ කළේය.
මෙම සිද්ධිය පිළිබඳ පසුගිය කාලයේ විශාල ප්‍රචාරයක් මාධ්‍ය මගින් ලැබී තිබිණි. නමුත් ඔහුට සාධාරණයක් මෙතෙක් ඉටුවී නැති බව පෙනේ. කදාන පොලිස් ස්‌ථානයේ ස්‌ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් මේ සම්බන්ධව තම රාජකාරිය අකුරට ඉටුකරන ලදී. රාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්‌ඩලය ඔහුට අදටත් ආදරෙන් සලකති.
Posted in:
sri e news


0 comments for "දම්වැලකින් බැඳ වැඩගත් පුද්ගලයා භාරගන්න කෙනෙක් නෑ"
Leave a reply