ශ්‍රී ලාංකික සරණාගතයින් ඕස්ට්‍රේලියාවට යැවීමේ ජාවාරමේ ඉහළ නිලධාරියෙක්
ශ්‍රී ලාංකික සරණාගත පිරිස් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යැවීමේ ජාවාරම පිටුපස ශ්‍රී ලංකා රජයේ ප්‍රබල නිලධාරියෙකු සිටින වග ඕස්ට්‍රේලියානු බුද්ධි අංශය විසින් අනාවරණය කරගෙන තිබේ.
එරට බුද්ධි අංශ විසින් මෙම පුද්ගලයා කවුරුන්ද යන වග ප්‍රසිද්ධ නොකළද තහවුරු කර ගෙන ඇතැයි The Australian වෙබ් අඩවිය උපුටා දක්වයි.
රඳවා තබා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රජය විසින් ගෙවුණු මාස 10 ක කාලයක් තුළ දැනුවත් කිරීම් කළද අනවසර බෝට්ටු ගණනාවක් ඕස්ට්‍රේලියාවට පැමිණි බව එම පුවත් පෙන්වාදෙයි.
අදාළ තැනැත්තා ඕස්ට්‍රේලියාවේ ගිලාඩ් පාලනය සමග සමීප සබඳතා පවත්නා පුද්ගලයෙකු බව කියවෙතත්, ශ්‍රී ලංකා රජය ඕස්ට්‍රේලියානු
රජය සමග සහයෝගයෙන් මෙම මිනිස් ජාවාරම මර්දනය කිරීමට යම් ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බව එම මාධ්‍ය වර්තා සඳහන් කරයි.
කෙසේ වුවද කොළඹ කේන්ද්‍රීය ශ්‍රී ලංකා රජය, තමාට එල්ලවන චෝදනාවන් ප්‍රතික්ෂේප කර ඇත.
එසේම මුහුදු මගින් අනවසරෙන් තම රටට පැමිණෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට තම රජයක් යටතේ රැකවරණ ලබා නොදෙන බව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු විපක්ෂ නියෝජ්‍ය නායිකා ජූලි බිෂොප් මහත්මිය පවසයි.
මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම 30 දා දහවල් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ අවස්ථාවට එක්වෙමින් ඇය මෙසේ සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල අධ්‍යාපනය නැංවීමට තම රට සහය ලබාදෙන බවත්, ජාතීන් අතර සහයෝගීතාව වර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විමසිල්ලෙන් පසුවන බවත් ඇය එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
0 comments for "ශ්‍රී ලාංකික සරණාගතයින් ඕස්ට්‍රේලියාවට යැවීමේ ජාවාරමේ ඉහළ නිලධාරියෙක්"
Leave a reply