ෂාරුක්ගේ මුස්ලිම් අන්තවාදී ප‍්‍රකාශයට හින්දු අන්තවාදීන්ගෙන් විරෝධතා
හින්දු බහුතරයකින් යුත් ඉන්දීය ජන සමාජයේ වෙසෙන මුස්ලිම් ජාතිකයකු වන තමාට, මුස්ලිම් ජාතිකයකු වීම නිසාම විවිධාකාරයේ දේශපාලන බලපෑම්වලට යටත් වීමට සිදුවී ඇති බවට සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන් කළ ප‍්‍රකාශයක් මුල්කොට ගනිමින් ඔහුට දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතී.
ෂාරුක් සිය අදහස් විවෘතව ප‍්‍රකාශ කළේ මුම්බායි නුවර මාධ්‍ය හමුවකට සහභාගී වූ අවස්ථාවේදීය.
ෂාරුක්ගේ ප‍්‍රකාශයට දැඩි මතධාරී හින්දු ජාතිකවාදීන්ගෙන්, ඉන්දීය රජයෙන් සහ විපක්‍ෂ දේශපාලන
කණ්ඩායම්වලින් ද විරෝධයක් එල්ල විය.
ෂාරුක් මුස්ලිම් ජාතිකයකු නම්, ඔහුට ඉන්දියාවේ සිටින්න බැරි නම් ඔහු ඔහුගේ දරුමල්ලන් සමඟ පාකිස්තානයට යා යුතු යැයි පවසමින් නවදිල්ලි නුවර විරෝධතාවක් ද පැවැත්විණි.
ෂාරුක් එම ප‍්‍රකාශය කළ අවස්ථාවේ ඊට මුලින්ම ප‍්‍රතිචාර දැක් වූයේ පාකිස්තානයයි. එම නිසා ඉන්දියාවත්, පාකිස්තානයත් අතර නව අර්බුධයක් ද නිර්මාණය විය. පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමැති රෙහ්මන් මලික් ඉන්දීය රජයට පවසා ඇත්තේ ෂාරුක්ට එවැනි බලපෑම් එල්ල නොවන ලෙස ඔහුගේ ආරක්ෂාව තර කළ යුතු බවයි.
0 comments for "ෂාරුක්ගේ මුස්ලිම් අන්තවාදී ප‍්‍රකාශයට හින්දු අන්තවාදීන්ගෙන් විරෝධතා"
Leave a reply