14 හැවිරිදි සිසුවියට අතවර කරන්න හැදූ ගරාජ් හිමියා රිමාන්ඩ්
පාසල අවසන් වී නිවස බලා යමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවියකට අතවර කිරීමට උත්සහ කළ බව කියන පුද්ගලයෙකුව මෙම මස 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ධම්මිකා ඉලංගසිංහ මහත්මිය නියෝග කළාය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කල්පිටිය නගරයේ ගරාජයක් පවත්වා ගෙන යන පුද්ගලයෙකුවය.පාසල අවසන් වී තම නිවාස බලා යමින්
සිටි දැරිවිය චාටු බස් පවසා තම ගරාජය වෙත කැඳවා ඇති සැකකරු ඇයට අතවර කිරීමට උත්සහ කරන විට දැරිවිය සැකකරුගෙන් මිදී පලා ගොස් ඇත.
දැරිවියගේ කෑ ගැසීම සම්බන්ධයෙන් විමසිලිමත්වී ඇති පිරිසක් සැකකරු වට කර කල්පිටිය පොලීසියට දැන්වීමෙන් පසුව පොලිස් නිළධාරීන් පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව පවසයි.
පසුව අතවරයට ලක් වීමට ගිය දැරිවියද කැඳවා අවශ්‍ය ප්‍රකාශ සටහන් කිරීමෙන් පසුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර කල්පිටිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් පෙරේරා මහතාගේ උපදෙස මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
Posted in:
srienews.com
0 comments for "14 හැවිරිදි සිසුවියට අතවර කරන්න හැදූ ගරාජ් හිමියා රිමාන්ඩ්"
Leave a reply