කැලණිය සංවිධායක ධුරය නැවත වරක් තමාට ලබාදෙන්නැදේව කන්නලව්වක්
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැලණිය සංවිධායක ධුරය නැවත වරක් තමාට ලබාදෙන්නැයි ඉල්ලමින් අමාත්‍ය මර්වින් සිල්වා මහතා කැලණිය උත්පලවර්ණ විෂ්ණු දේවාලය ඉදිරිපිටදී 06දා දේව කන්නලව්වක් පවත්වා තිබේ.අමාත්‍යවරයාට සෙත් පතා සාදන ලද සෙත් කවියක් ද 108 වාරයක් එහිදී ගායනා කල අතර මේ දේවකන්නලව්ව සදහා අමාත්‍යවරයාගේ අනුගාමිකයන් පිරිසක් එක්ට සිට ඇත.පනස් නමක් පමණ මහා සංඝරත්නය
දේවාලය ඉදිරිපිට සෙත් පිරිත් සජ්ඡායනයක්ද සිදු කළේය.
දෝස දුරකර රකින යහදන පියෙක් දරුකැල රකින විලසි න
දිවැස යොමුකර බලන මුළු ලොව උවිඳ වෙණු සුරරදුනි සිරිග න
නැනැස මර්වින් සිල්ව දනහට පැමිණි රුපුබල බැහැර කරමි න
සතොස තනතුරු දියුණු කරමින රකින ලෙස ඔහු යදිමි බැතියෙ න
Posted in:
sri e news.com
0 comments for " කැලණිය සංවිධායක ධුරය නැවත වරක් තමාට ලබාදෙන්නැදේව කන්නලව්වක් "
Leave a reply