ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් අමෙරිකානු ඩොලර් 725,000ට මිලදී ගනි
එළැඹෙන අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීග ශූරතාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම පිණිස ඉන්දියාවේ පැවති වෙන්දේසියේදී පූන් වොරියර්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් අමෙරිකානු ඩොලර් 725,000ටත්
අජන්ත මෙන්ඩිස් පුනේ වොරියස් කණ්ඩායමත්, තිසර පෙරේරා හයිද්‍රාබාද් සන්රයිස් කණ්ඩායමත් මිලදී ගෙන ඇති අතර සචිත්‍ර සේනානායක මිලදී ගෙන ඇත්තේ කොල්කටා නයිට්රයිඩර් කණ්ඩායමයි.
ඉරිදා පැවති වෙන්දේසියේදී අජන්ත මෙන්ඩිස් ට වඩා මුදලකට
අලෙවි වූයේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් පමණයි.
තිසර පෙරේරා සහ සචිත්‍ර සේනානායක ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනා ද ඉහලම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයන් අට දෙනා අතර සිටිති. තිසර පෙරේරා අමෙරිකානු ඩොලර් 675,000ටත්, සචිත්‍ර සේනානායක අමෙරිකානු ඩොලර් 625,000ටත් මිලදී ගෙන තිබේ.
තවද කුෂල් පෙරේරාත් අමෙරිකානු ඩොලර් 20,000ට මිලදී ගෙන ඇත්තේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමයි.
කෙසේ නමුත්, විස්සයි විස්ස ක්ෂේත්‍රයේ ප්‍රබල දක්ෂතා දක්වන ජීවන් මෙන්ඩිස් ඉතා අඩු මුදලකට අලෙවි වීම පිළිබඳව විචාරකයන් මෙන්ම ලාංකීය ක්‍රීඩාලෝලීන් ද විමතිය පළ කොට තිබුණි.
මේ අතර එංගලන්ත කණ්ඩායමේ මැට් ප්‍රයර් සහ රවි බොපාරා ක්‍රීඩකයන් ට කිසිදු ලන්සුවක් ඉදිරිපත් වී නොමැත.
0 comments for "ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් අමෙරිකානු ඩොලර් 725,000ට මිලදී ගනි"
Leave a reply