ජනපතිවරයා මෑත කාලයේ තුන්වරක්ම සහභාගි වූ එකම අවමංගල උත්සවය
ඉකුත් සඳුදා රාත්‍රියේ නාමල් රාජපක්ෂට ඔහුගේ ලේකම්වරයෙකු වන ඉන්දික කරුණාජීවගෙන් ඇමතුමක් ලැබුණේය. ඉන්දික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලක ලේකම් හා මහජන බැංකුවේ සභාපති ඩබ්ලිව්. කරුණාජීව ගේ පුත්‍රයාය.
අපේ තාත්තට හොඳටම අමාරුයි. දැන් ආසිරි එකේ මැෂින් එකට දාලා ඉන්නේ. ඒ ඇසූ නාමල් රාත්‍රි එකොළහ පමණ වූ ඒ අවස්ථාවේදීම ආසිරි රෝහලට ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලක ලේකම්වරයාගේ සුවදුක් විමසුවේය. අනතුරුව ගාමිණී සෙනරත්ට හා සජින් වාස් ගුණවර්ධනට කතා කර කරුණාජීව ගේ
සෞඛ්‍ය තත්ත්වය දැනුම් දුන්නේය.
රෑ වැඩි නිසා තාත්තා ගන්න අමාරු නිසයි ඔයාලට කතා කරන්නේ. කරුණාජීව අංකල්ට හොඳටම අමාරුයි. මම දැන් හම්බන්තොට යන්න දාගෙනයි ඉන්නේ. මම ගිහිල්ලා හෙට ඉක්මනට එනවා. මේ පණිවුඩේ තාත්තට උදෙන්ම දැනුම් දෙන්න. ඒ අතරේ මෙහෙ අවශ්‍යතා ගැනත් හොයලා බලන්න.
පසුදින උදෑසනම ජනපතිවරයා ගෙන් දුරකතන ඇමතුමක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ට ලැබුණි.
ගාමිණී බලන්නකෝ කරූ නැති වෙලානේ. මම අද රත්නපුරේ වැඩ වගයක් දාගෙන ඉන්නවා. එහෙට ගිහින් හැකි ඉක්මනින් කොළඹ එනවා ඔයා මෛත්‍රීයි, බැසිලුයි ඩලසුයි එක්ක එකතු වෙලා අවසන් කටයුතු සූදානම් කරන්න.එදින හම්බන්තොට ගිය නාමල් රාජපක්ෂ ඉක්මනින් ආපසු කොළඹ පැමිණ සිය මිතුරන්ද සමග එක්ව නාරාහේන්පිට ඇන්ඩර්සන් තට්ටු නිවාසයේ පිහිටි කරුණාජීව මහතාගේ නිවසට ගොස් අවසන් කටයුතු සූදානම් කළේය. ඒ අතරේ නාමල් ජනපතිවරයාට දුරකතනයෙන් අමතා මෙසේ ඇසුවේය.
තාත්තේ කරුණාජීව අංකල්ගේ ගෙදර තියෙන්නේ ෆ්ලැට්ස්වල තුන්වෙනි තට්ටුවේ. ඉතින් එතන දේහය තියන්න අමාරුයි. මොකද කරන්නේ?
ගෙදර අය මොකද කියන්නේ? ජනපතිවරයා විමසුවේය.
ගෙදර අය නම් කැමති දේහය ගෙදර තියා ගන්නයි. නාමල් කීවේය.ඒක හොඳයි අපි දේහය ගෙදරම තියමු. මොකද කරූගේ සරල ජීවිතය අපේ මැති ඇමතිවරුන්ටයි, ආයතන සභාපතිවරුන්ටයි දැනගන්න තියෙන්න ඕනේ. කරූ කියන්නේ අපේ පක්ෂයේ ඉහළම ජ්‍යෙෂ්ඨයෙක්. ඒ වගේම මහජන බැංකුවේ සභාපතිවරයෙක්. එයා කවදාවත් සල්ලි පස්සේ ගියේ නැහැ. එයා හම්බ කෙරුවේ මිනිස්සු. ඒක හැමෝම දැන ගන්න ඕනේ. ජනපතිවරයා ප්‍රකාශ කළේය.
ජනපතිවරයා මෑත කාලයේ තුන්වරක්ම සහභාගි වූ එකම අවමංගල උත්සවය ඩබ්ලිව්. කරුණාජීවගේ අවමංගල්‍යයයි. ඉකුත් බ්‍රහස්පතින්දා බොරැල්ල කනත්තේ පැවති අවසන් කටයුතු වලටද ජනපතිවරයා එක් විය.

.jpg)

0 comments for "ජනපතිවරයා මෑත කාලයේ තුන්වරක්ම සහභාගි වූ එකම අවමංගල උත්සවය "
Leave a reply