ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අචලාට ඉලෙක්ට්‍රොනික් අතකට වැලිකඩින් අත හිත


වම් අත අහිමි වූ අචලා පි‍්‍රයදර්ශනී නීති ශිෂ්‍යාවට නවීන ඉලෙක්ට්‍රොනික අතක් ලබා දෙන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නියමයෙන් රජය පියවර ගෙන ඇත.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් නිදහස් දිනයේ ඔවුනගේ දිවා ආහාරය ලබා නොගෙන ඒ වෙනුවෙන් වැය වන රුපියල් එක් ලක්ෂ දස දහසක මුදල අත අහිමි වූ නීති පීඨ ශිෂ්‍යා අචලා ප්‍රියදර්ශනී ගේ මවුපියන්ට ලබා දීමට කටයුතු යොදා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් පී. ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා කීය.

මේ අතර 65 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගතව සිටින රැඳවියන් දහසකට වැඩි ප්‍රමාණයකට නිදහස ලබාදීමට ද කටයුතු යොදා ඇත. නිදහස් දින සියලුම බන්ධනාගාරවල රැඳවියන්ට ඔවුනගේ පවුල්වල සාමාජිකයන් මුණ ගැසීමට හමුවක් පැවැත්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විධි

Posted in: ,

0 comments for "අචලාට ඉලෙක්ට්‍රොනික් අතකට වැලිකඩින් අත හිත"

Leave a reply