ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

කථානායකගේ ඇපල් ගහේ කතාව

නාමල් රාජපක්ෂ හා ශ්‍රී රංගා යන මන්ත්‍රීවරුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ  සංචාරය කරමින් සිටින අතර තුරදී  නාමල්ට කථානායක චමල් රාජපක්ෂ ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණි. නාමල් හම්බන්තොට සිටින බව දැනගත් කථානායකවරයා මෙසේ කීවේය.
පුතා ඉඩක් තියෙනවනම් ගෙවල් පැත්තේ ඇවිත් යන්න. මම බලා ඉන්නවා. ඒ අනුව  නාමල් මැදමුලන මහ ගෙදර බලා ගියේය. කථානායකවරයා  නාමල් හා  ඔහුගේ මිතුරන් සමග  ආගිය තොරතුරු කතා කරමින් සිටින අතරතුරදී  මෙසේ විමසුවේය.
මේ පැත්තේ කෙනෙක්  තෑගි දුන්න හොඳ මීකිරි වගයක් තියෙනවා. කමුද?  නාමල් හා මිතුරන් එම ඉල්ලීම  සතුටින් භාර ගත්හ.
ඒ අනුව  සේවකයෙක් නාමල්ට හා මිතුරන්ට මීකිරි ගෙනාවේය. ඒ ගෙනා මීකිරි හොඳින් පරීක්ෂා කර බැලූ  කථානායකවරයා  සේවකයාගෙන් මෙසේ ඇසුවේය.
මේවා මීකිරි කියල විශ්වාසද?
ඒ වගේ තමයි පේන්නේ  සර්.  සේවකයා  පිළිතුරු දුන්නේය.
පේන විදිහට මේ මීකිරි නමෛයි. මේ මුදවපු එළකිරි. එහෙම නම් මිනිස්සු අපටත් බොරු කරනවා. අපට මීකිරි කියලා  එළකිරි ගෙනත් දෙන මිනිස්සු සාමාන්‍ය ජනතාවට මොනව විකුණයිද? යැයි කියූ  කථානායකවරයා නැවත මෙසේ කීවේය.
අපි මේව පැත්තකින් තියලා හොඳ ඇපල් ගෙඩියක් කමු. එසේ පැවසූ කථානායකවරයා නාමල් හා මිතුරන්  විශ්මයට පත් කරමින්  සිය ‍ලේකම්වරයෙකුට මෙසේ කීවේය.
ගිහින් ගේ පිටි පස්සෙ ගහෙන් ඇපල් ගෙඩි ටිකක් කඩාගෙන එන්න.
මෙහෙ ඇපලුත් වැවෙනවද? ශ්‍රී රංගා පුදුමයෙන් විමසුවේය.
ඔව්. ඔයත් ගිහින් නුවරඑළියේ වවල බලන්න.  හොඳට ගහට සලකනවා නම්  කොහේ උනත් අස්වැන්න දෙනවා. කථානායකවරයා  කීවේය. නාමල් හා මිතුරන් කථානායකවරයාගෙන් සමුගත්තේ ඇපල් ගෙඩි කිහිපයක් රස බැලීමෙන් පසුවය.

Posted in:

0 comments for "කථානායකගේ ඇපල් ගහේ කතාව"

Leave a reply