දුරකතන පෙම ගැන ගුරුතුමියගේ අවවාදය නොරිස්සූ සිසුවිය දිවිනසා ගෙන
ජංගම දුරකතනයේ තිබූ ඡායාරූපයක් නිසා මිනුවන්ගොඩ නාලන්දා බාලිකාවේ උසස් පෙළ ඉගෙනුම ලබන 17 හැවිරිදි පාසල් සිසුවියකට සියදිවි නසාගැනීමට සිදු වූ පුවතක් වාර්තා වේ.
ඇය මෙසේ දිවිනසාගෙන ඇත්තේ පසුගියදා 4දා පාසලේ පැවැති නිවාසාන්තර ක්‍රීඩා තරගය සඳහා පාසලට රැගෙන යෑමට තහනම් වන ජංගම දුරකතනය ගෙන ඒමෙන් එහි වූ ඡායාරූපයක් එළිදැක්වීමයි.
පාසලේ විනය භාර ගුරුතුමිය විසින් ඇයගේ ජංගම දුරකතනය සිය සන්තකයේ තබාගෙන 05දා පාසල් සිසුවියගේ මව පාසලට ගෙන්වා දෙදෙනා ඉදිරියේම දුරකතනය
පරීක්ෂා කිරීමේදී ඇය සිය පෙම්වතා සමඟ සිටිනා ඡායාරූපයක් දිස් වී තිබේ. ඒ පිළිබඳ ඇයට අවවාද කර සිය මව දැනුවත් කොට නිදහස් කළ බව විදුහල්පතිතුමිය පොලිසියට දන්වා ඇත.
එම සිද්ධියෙන් පසු පාසලට නොපැමිණි ශිෂ්‍යාව14දා සිය නිවෙසේදීම වස බී මියගොස් තිබේ. මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවත් මේ වන විට මෘතශරීරය මිනුවන්ගොඩ රෝහලේ තැන්පත් කර ඇති බවත් පොලිසිය කියයි.

0 comments for " දුරකතන පෙම ගැන ගුරුතුමියගේ අවවාදය නොරිස්සූ සිසුවිය දිවිනසා ගෙන"
Leave a reply