දිවි නැගුමෙන් දුන් බීජ පැළවෙලා නෑ
දිවි නැගුම වැඩසටහන යටතේ අවසන් වරට බෙදාදෙන ලද එළවුළු බීජ පැළවෙන්නේ නැතැයි ගොවීහු චෝදනා කරති.මීට කලින් වතාවල දී බෙදාදුන් එළවුළු බීජ යම් ප‍්‍රමාණයක් හෝ පැළවුවත් මෙවර එළවුළු බීජ කොහෙත්ම පැළ නො වූ බව ඔවුහු කියති.
බීජ පැළ නො වීමට හේතුවී ඇති කරුණු වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ ඒවා කල්ගත වූ බීජ හෝ නො මේරු ගෙඩිවලින් ලබාගත් බීජ බව යි.
වෙහෙස මහන්සියක් දරා බීජ සිටුවීමට බිම සකස් කළ ගොවීන්ට ඒවා පැළ නො වීම හේතුවෙන් මහත් කනස්සලකට පත්වීමට සිදු වී තිබේ.
මේ පිළිබඳ ව පසුගිය දා වත්තල
ප‍්‍රාදේශීය සභා ප‍්‍රධාන ශාලාවේ පැවැති දිවි නැගුම වැඩසටහන පිළිබඳ ව ජනතාව දැනුම්වත් කිරීමේ සම්මන්ත‍්‍රණයේ දී ගොවීහු පැමිණිලි කළහ.
වත්තල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ඇන්ටනී කුරේ මහතා මේ පිළිබඳ ව සඳහන් කරමින් කියා සිටියේ දිවි නැගුම වැඩසටහන යටතේ අවසන් වරට බෙදාදෙන ලද එළවුළු බීජ පැළවෙන්නේ නැති බවට ගොවීන් කරන ප‍්‍රකාශය සම්පූර්ණ සත්‍යයක් බවත් මේ පිළිබඳව කොට්ඨාශයේ ගොවීන්ගෙන් ද තමාට පැමිණිලි ලැබී ඇති බවත් ය.
0 comments for "දිවි නැගුමෙන් දුන් බීජ පැළවෙලා නෑ"
Leave a reply