හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා තම ජීවිත කතාව රචනා කරන බව පවසයි.
යුද්ධය දිනා ඇතත් සාමය පරාජය වී ඇතැයි ද තමා බිය නොමැති අතර තම ජීවිත කතාව රචනා කරන බව ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවාය.
විජය කුමාරතුංග 25 වැනි ගුණ සැමරුම හා මහජන නවම් විරු සැමරුම පෙරේදා (17 දා) බස්‌නාහිර පළාත් සෞන්දර්ය ආයතනයේ පැවැති අවස්‌ථාවේදී කුමාරතුංග මහත්මිය මේ බැව් කියා සිටියාය.
හිටපු ජනාධිපතිනිය එහිදී වැඩිදුර මෙසේ ද කීවාය.
රාජිත ඇමැතිතුමාට ස්‌තුති කරනවා මහජන පක්‍ෂයේ දර්ශනය වෙනුවෙන් අදහස් පළකිරීම ගැන. අද තියෙන වාතාවරණය අනුව අදහස් ප්‍රකාශ කරන අයට ඊට පසු දිනයේ වෙන්නේ මොනවද කියල දන්නෙ නැහැ.
පසුගිය වසර හත පුරාම මට හිංසා කරලා තියෙනවා. මාධ්‍ය අහනවා ඒ ගැන. නමුත්
සදාචාරය අනුව මම කියන්නේ නැහැ. එක්‌තරා පුවත්පතක කතුවැකියක් ලියා තිබුණා "ශී මස්‌ට් බී ෂටප්" කියල. තව කිව්වොත් ආණ්‌ඩුවට විරුද්ධව කිව්ව කියයි. සියලු පුද්ගලයන් ද සියලු දේවල් ද වෙනස් වෙනවා කියා බුදුහාමුදුරුවෝ දේශනා කර තිබෙනවා"
මෙම අවස්‌ථාවට මාදම්පාගම අස්‌සජි හිමියෝද, ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, රූපා කුමාරතුංග හා ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් ද ඇතුළු විශාල පිරිසක් එක්‌ව සිටියහ.
0 comments for "හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා තම ජීවිත කතාව රචනා කරන බව පවසයි."
Leave a reply