ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

උපන් අවස්ථාවේදීම තම බිළඳා ඝාතනය කළ මවක්


උපන් අවස්ථාවේදීම තම බිළඳා ඝාතනය කළ බව කියන 22 හැවිරිදි මවක් සමග ඊට අනුබල දුන් බව කියන ඇයගේ ස්වාමි පුරුෂයා,මව සහ අසල්වැසි කාන්තාවක් පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  ඉකුත් 17 වැනි දින රාත්‍රීයේ පුත්තලම - සවිවපුර ගම්මානයේදී මෙම බිළිඳු ඝාතනය සිදුවී ඇත.
අධික රුධිරය වහනය වෙමින් පැවති කාන්තාවක් පුත්තලම දිසා රෝහලට 17 වැනිදා රාත්‍රීයේ ඇතුළත් කර ඇත.
ඇය පරීක්ෂා කර ඇති වෛද්‍යවරුන් පවසා ඇත්තේ මෙම කාන්තාවට දරුවෙකු ලැබී ඇති බවයි.
ඒ අනුව සිද්ධිය පොලීසියට දැනුම් දී ඇත.
 පුත්තලම පොලීසියේ නිළධාධාරීන් පැමිණ රෝහල් ගත කර සිටි කාන්කාවගෙන් ප්‍රශ්ණ කිරීමේදී බිළිඳු ඝාතනයේ සුළ මුළ හෙලිවී ඇත.දරුවා බිහි කර ඇති කාන්තාව
විදේශ රැකියාවක් සදහා පිටත්ව යාමට සුදානමින් සිට ඇත.
ඒ අතර ඇය ගැබ් ගෙන තිබුනත් මේ බව හෙලි නොකර ඇය විදේශ ගත වීමට සියල්ල සුදානම් කර ඇත. මේ අතර දරුවා ලැබීමට ආසන්න වීමත් සමගම සියල්ල හෙලිවී ඇත.
පසුගිය 17 වැනිදා රාත්‍රීයේ තමන්ගේ නිවසේදීම දරුවා උපත ලද බවත්,එම අවස්ථාවේ එහි සිටි තමන්ව විදේශ ගත කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කළ කාන්තාව දරුවා බිහි වීමට තමන්ට සහාය වී පසුව තුවායක ඔතා අසල්වැසි වැසිකිළි වලක් මතට ගෙන ගොස් දැමු බව රෝහල් ගත කර සිටින කාන්තාව පවසා ඇත.
එම තොරතුරු අනුව ක්‍රියාත්මක වු පොලීසිය රෝහල් ගත කර සිටින සැකකාර කාන්වගේ නිවස ආසන්නයේ පිහිටි නිවසක වැසිකිළි වළක් මත තිබී තුවායකින් ඔතන ලද බිළිඳු මළ සිරුර සොයා ගෙන ඇත.
ඒ අනුව දරුවාගේ මරණයට සෘජුවම සම්බන්ධ බව කියන කාන්තාවද, බිළිඳා ඝාතනයට අනුබල දුන් බව කියන රෝහල් ගතකර සිටින කාන්තාවගේ මව සහ ඇයගේ ස්වාමි පුරුෂයාවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දරුවා බිහි කළ කාන්තාව පොලිස් ආරක්ෂාව මැද පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මිය ගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් වු මහේස්ත්‍රාත් පරීක්ෂනය 18 වැනිදා පැවැත්වීමට නියමිතය.

Posted in: ,

0 comments for "උපන් අවස්ථාවේදීම තම බිළඳා ඝාතනය කළ මවක්"

Leave a reply