ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

GSP+ නොමැතිව ඇඟලුම් කම්හල් 186ක් වැසේ


ජී. එස්. පී. ප්ලස් සහනය අහිමි වීම නිසා 2010 වසරේ සිට මේ දක්වා කාලය තුළ ඇඟලුම් කර්මාන්තශාලා 186ක් වැසී ගොස් තිබේ. එම නිසා තරුණ තරුණියන් 2,17,000 කට (දෙලක්‍ෂ දාහත්දහසකට) රැකියා අහිමි වී තිබේ.
යුරෝපා සංගමය විසින් ඇඟලුම් අපනයනය කිරීමේ දී මේ රටට ලබා දුන් බදු සහනය (GSP+) අහිම් වීමත් සමග අපනයනයකරුවන් හා එක්ව නැවත වතාවක් මෙරටට මේ සහනය ලබා ගැනීමට රජය කටයුතු නොකිරීම නිසා මෙවන් තත්වයක් උදාවූ බව ඇඟලුම් කම්හල්
සේවකයෝ පවසති.
කෙසේ හෝ මෙම සහනය අප රට තුළ සිටින කර්මාන්තශාලා හිමියන්ට ලබාදීමට රාජතන්ත‍්‍රික මට්ටමින් මැදිහත් වියයුතු බවද ඔවූහු පවසති.
එසේ නොවුණහොත් සිදුවන්නේ දැනට සිදුවන කර්මාන්තශාලා වැසීයාම වැඩි වී සේවකයන් විශාල පිරිසකට රැකියා අහිමි වී යාමත් බවද ඔවූහු අවධාරණය කරති.

යූනියන්ස් ලංකා

Posted in:

0 comments for "GSP+ නොමැතිව ඇඟලුම් කම්හල් 186ක් වැසේ"

Leave a reply