ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

තම මස්සිනාගේ අසම්මත ලිංගික හිංසා නිසා ඔහුගේ ගෙල මිරිකා මරා දාලා


තම මස්සිනාගේ අසම්මත ලිංගික හිංසා ඉවසනු නොහැකිව ඔහුගේ ගෙල මිරිකා මරා දැමූ පුද්ගලයකුට ලබන 13 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පානදුර මහෙස්ත‍්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා නියෝග කරන ලදී.මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ පානදුර පරත්ත නුගේ මාවත පදිංචිකරුවකු වන වඩුතන්තිරිගේ රොෂාන් අල්විස් නමැති 30 හැවිරිදි අයෙකි.
ඔහු විසින් ඝාතනය කරන ලදුව පාරට ගෙනැවිත් දා තිබූ ඔහුගේ මස්සිනා වන සමරතුංග සරුක්කාලගේ සිසිර දුමින්ද (35) නමැති එක්දරු පියෙකුගේ මළ සිරුර කෙසෙල්වත්ත
පොලිසියේ 119 පොලිස් නිලධාරීන්ට 07 දා අලූයම හමුවී තිබිණි.
පසුව මියගිය අයගේ බිරිඳ හා සැකකරු ගෙන්වා කරන ලද ප‍්‍රශ්න කිරීම් වලදී කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිස්ස කුමාර මහතා තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මියගිය පුද්ගලයා නිතර නිතර සැකකරුව අසම්මත ලිංගික ක‍්‍රියාවලට යොමුකරගෙන ඇති බවත් ඒ හිරිහැර ඉවසනු නොහැකිව ගෙල හිරකර මරා දැමූ බව සැකකරු පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.
මෙම මරණය ගැන පානදුර අතිරේක මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත් වූ අතර අතිරේක මහෙස්ත‍්‍රාත්වරයාගේ නියෝගය මත පානදුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි දොස්තර එම්. සිවසුබ‍්‍රමනියම් මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.
එම මරණය සිදු වී ඇත්තේ කෙනෙකු මියගිය අයගේ ගෙල තදින් සිරකරගෙන සිටීම නිසා හුස්ම හිරවීමෙන් බව මරණය පිළිබඳ වෛද්‍යවරයාගේ නිගමනය විය.
කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිස්සකුමාර මහතා සමÛ එම පොලිසියේ උපපොලිස් පරීක්ෂක ලිවේරා සහ කොස්තාපල්වරුන් වන (66940* සමරවීර, (67091* චතුරංග සහ (69760* විරාඡ් යන පොලිස් නිලධාරීහු මේ මරණය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ.

Posted in:

0 comments for "තම මස්සිනාගේ අසම්මත ලිංගික හිංසා නිසා ඔහුගේ ගෙල මිරිකා මරා දාලා "

Leave a reply