ඇමති මාරුව නිසා චුන්නාකම් බලාගාරයේ සමරු ඵළකයට ලක්ෂ ගණනක පාඩුවක්
ජනපතිවරයාගේ උතුරේ සංචාරය අතරතුර චුන්නාකම් හි ‘උතුරු ජනනී’ විදුලි බලාගාරය විවෘත වූයේ පෙරේදාය. මෙම බලාගාරය නිසා විදුලිය මිලට ගන්නට පුද්ගලික අංශයට රජය වැය කළ රුපියල් මිලියන 1350 ක විශාල මුදලක් ඉතිරි කරගන්නට හැකියාව ලැබෙන බව වාර්තා වුණා. එය හොඳය.
නමුත් නාස්තිය මතුවන්නේ මෙය විවෘත කිරීමට සූදානම් කළ උත්සවයේදීය. විදුලි බල ඇමති ලෙස
චම්පික රණවක කටයුතු කළ පසුගිය අපේ‍්‍රල් මාසයේ දේශීය ඉංජිනේරු දැනුම යොදාගෙන මිලියන 3500 ක් වැය කරමින් මෙම විදුලි බලාගාරය ඉදිකිරීම පටන්ගෙන තිබුණ අතර එය මාස 9 ක් ඇතුළත අවසන් කරන්නට ලැබීම භාග්‍යයකි.
මින් දින කිහිපයකට පෙර ඇමතිමාරුව සිදුවී චම්පික වෙනුවට විදුලි බල ඇමති තනතුරට පවිත‍්‍රා පත්වූ පසු මෙම බලාගාරය ඇය සහභාගිවී විවෘත කරන්නට සිදුවීම නිසා උත්සව සංවිධායකයින් පත්ව ඇත්තේ අකරතැබ්බයකටය. ඔවුන් චම්පික ඇතුළු පිරිසගේ නම් යොදා සමරු ඵලකය මුලින් සූදානම් කර තිබුණ අතර
පසුගිය 3 වනදා මෙම උත්සවය තිබුණත් එය සතියකින් පමණ කල් ගොස් තිබුනේ ඇමති මාරුව නිසාය.
අවසානයේ විදුලි බල ඇමති පුටුව මාරුවූ නිසා විවෘත කරන දිනයට එන්නට නියමිතව ඇත්තේ නව ඇමතිනියයි.
මේ නිසා පැවති තනතුරු නම් ඇති සමරු ඵලකය ගලවා, අලූත් නම් සඳහන් ඵලකය සවි කරන්නට සංවිධායකයින් කටයුතු කර තිබෙන අතර ඒ නිසා රුපියල් ලක්ෂ ගණනක අමතර මුදලක් වැය කර තිබෙන බව විදුලි බල මණ්ඩලයේ මුදල් අංශ මාධ්‍යයට වාර්තා කර තිබෙනවා.
පෙබරවාරි 03 වැනිදා විවෘත කිරීම සඳහන් ආරාධනා පත‍්‍ර සැකසීමට වැය වූ රුපියල් හතළිස් පන්දහස ද අපතේ ගොස්තිබූ බව වාර්තා වුණා.
හිටපු ඇමතිගේ උත්සාහය වෙනත් අයෙකුගේ නමින් යාම නොගැළපෙන්නක් වන්නා සේම එහි නාස්තියද අර්ථ විරහිත එකකි.
Posted in:
sri lanka gossip news

.jpg)
0 comments for "ඇමති මාරුව නිසා චුන්නාකම් බලාගාරයේ සමරු ඵළකයට ලක්ෂ ගණනක පාඩුවක්"
Leave a reply