ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ප්‍රාදේශීය දේශපාලකයෝ පොලීසියට උඩින්! ගංජා වවති - හොර හරක්‌ පටවති - වැලි ගොඩ දමති


අපරාධකරුවන් සහ නීති විරෝධී ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අපක්‍ෂපාතීව රාජකාරී කරන පොලිස්‌ නිලධාරීන්ට එරෙහිව දිවයිනේ ප්‍රදේශ රැසක ඇතැම් දේශපාලනඥයන් දැඩි බලපෑම් එල්ල කිරීම නිසා එම නිලධාරීන්ට රාජකාරි කරගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ උද්ගතවී ඇත.
පොලිස්‌ මූලස්‌ථානය ඉතිහාසයේ පළමු වතාවට පසුගියදා නිකුත් කළ නිවේදනයකින් කියා සිටියේ ඇතැම් දේශපාලනඥයන්ගේ බලපෑම් නිසා රාජකාරි කටයුතු නිසිආකාරයට කරගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ උද්ගතවී ඇති බවයි.
නීති විරෝධී ලෙස වැලිගොඩ දැමීම්, ගස්‌ කැපීම්, ගංජා වගාකිරීම්, මැණික්‌ ගැරීම්, සූදුපොළවල් පවත්වාගෙන යැම්, මත්පැන් නිෂ්පාදනය
හා ඒවා අලෙවි කිරීම්, ගවයන් ප්‍රවාහනය වැනි ක්‍රියාවල නිරතව සිටින දේශපාලන හෙංචයියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන පොලිස්‌ නිලධාරීන්ට මෙලෙස දැඩි බලපෑම් එල්ල වී තිබේ.
ගම්පහ, රත්නපුර, මොණරාගල, අනුරාධපුර, පුත්තලම ඇතුළු දිස්‌ත්‍රික්‌ක රැසක පොලිස්‌ නිලධාරීන්ට මෙලෙස බලපෑම් එල්ලවී ඇත.
පොලිස්‌ නිලධාරීන් වෙත බලපෑම් එල්ල කරමින් එම නිලධාරීන් මාරුකර යෑවීම සඳහා දේශපාලනඥයන් පිරිසක්‌ ගත් දැඩි උත්සාහයක්‌ පිළිබඳව ආසන්නතම සිද්ධිය වාර්තා වූයේ මොනරාගල ප්‍රදේශයෙන්ය.

නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් ඉතාම අපක්‌ෂපාතීව කටයුතු කරන මොනරාගල නියෝජ්‍ය පොලිස්‌පති ආර්. එම්. ලතීෆ් මහතා වහාම මාරුකර යවන ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ දේශපාලනඥයන් පිරිසක්‌ විරෝධතාවක නිරත වූහ.

ජාවාරම්වල නිරත වන දූෂිත පුද්ගලයන් ඇතැම් දේශපාලනඥයන්ගේ සමීපතම ගෝලයන් වීම නිසා ඔවුන් තම ගෝලයන් ආරක්‌ෂා කිරීමට පොලිසියට බලපෑම් එල්ල කරන බව ද වාර්තා වෙයි.

Posted in:

0 comments for "ප්‍රාදේශීය දේශපාලකයෝ පොලීසියට උඩින්! ගංජා වවති - හොර හරක්‌ පටවති - වැලි ගොඩ දමති"

Leave a reply