ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අත අහිමි වූ අචලාට සාධාරණය ඉල්ලා නඩු මගට


නීති ශිෂ්‍යා අචලා ප්‍රියදර්ශනීගේ අත කපා දැමීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නීති පීඨ ශිෂ්‍ය සභාව නඩු මගට බැසීමට පියවර ගනිමින් සිටී.
මෙය මාතර රෝහ‍ලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත සිදුවූ වරදක් බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කරන ලද මූලික විමර්ශනවලදී හෙළිවීමත් සමග ඔවුහු මෙම පියවර ගෙන තිබේ. හෙළිවීමත් සමග ඔවුහු මෙම පියවර ගෙන තිබේ.
මෙය නොසැලකිල්ල මත වූ සිද්ධියක් බැවින් ඊට වගකිව යුතු පුද්ගලයින්ගෙන් අචලාට වන්දි මුදලක් ලබා ගැනීමේ අරමුණින් මෙම නඩුව ගොනු කරන බව නීති පීඨ ශිෂ්‍ය සභාවේ සාමාජිකයන් සඳහන් කළේය. මේ සම්බන්ධයෙන්
කොළඹ නීති පීඨයේ ආරාධිත කථිකාචාර්යවරයකු වන ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් සමග දීර්ඝ  ලෙස අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවද හෙතෙම අවධාරණය කළේය.

Posted in: ,

0 comments for "අත අහිමි වූ අචලාට සාධාරණය ඉල්ලා නඩු මගට"

Leave a reply