කැරෝකේ සමාජ ශාලාවක පැවැති සාදයකදී තරුණයන් පිරිසක් පොලු මුගුරුවලින් පහරදී කළ සාහසික ඝාතනයක්
වැලන්ටයින් දිනය නිමිත්තෙන් කොළඹ කුරුඳුවත්තේ පිහිටි කැරෝකේ සමාජ ශාලාවක පැවැති සාදයකදී තරුණයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු එක් පාර්ශ්වයක තරුණයන් පිරිසක් අනෙක් පාර්ශ්වයේ තරුණයකුට පොලු මුගුරුවලින් පහරදී සාහසික අන්දමින් ඝාතනය කර ඇත.15 දා අලුයම 4.00 ට පමණ කොළඹ කුරුඳුවත්ත තුම්මුල්ල ප්‍රදේශයේදී මෙම ගැටුම හටගෙන තිබේ. මෙහිදී ඝාතනයට ලක්‌වූයේ කුරුඳුවත්ත බාන්ස්‌වත්තේ පදිංචි 26 හැවිරිදි සුරේෂ් ජයකුමාර් නමැති තරුණයෙකි. මොහු වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියෑදුරකු බව පොලිසිය පවසයි.
පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් කුරුඳුවත්ත ප්‍රදේශයේ කැරෝකේ සමාජ ශාලාවක විශාල සාදයක් පැවතිණි. ඊට තරුණ තරුණියන් විශාල පිරිසක් පැමිණ තිබේන අතර කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ තරුණයෝ පිරිසක් සහ කුරුඳුවත්ත බාන්ස් වත්ත ප්‍රදේශයේ තරුණයෝ පිරිසක්‌ද මෙම සාදයට පැමිණ සිටියහ.
සාදය පැවැති අවස්‌ථාවේ නර්තනයේ යෙදුණු බීමත් තරුණයන් දෙදෙනකු අතර බහින්අබස්‌වීමක් ඇති වී තිබේ. එම බහින්බස්‌වීම
ගැටුමක් දක්‌වා පසුව දුරදිග ගොස් තිබිණි.
පසුව දෙපිරිස එම ගැටුම සමථයකට පත් කර ගත් අතර අලුයම 4.00 ට පමණ ඔවුන් සමාජ ශාලාවෙන් පිටතට පැමිණ ඇත.එහිදී නැවතත් මෙම තරුණයන් දෙපිරිස අතර ගැටුම මතුවී මාළිගාවත්තේ සිට පැමිණි තරුණයන් බාන්ස් වත්තේ තරුණයන්ට පොලු මුගුරුවලින් පහරදී තිබේ.
ප්‍රහාරයට ලක්‌වූ ජයකුමාර් තරුණයා කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ස්‌ථානයකදී ඝාතනයට ලක් වූයේ ඒ අවස්‌ථාවේදීය.මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සියලුදෙනා හඳුනාගෙන සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්‌ඩායමක් දැන් පරීක්‍ෂණ පවත්වයි.
![]() |
| කැරෝකේ සමාජ ශාලාව |

0 comments for "කැරෝකේ සමාජ ශාලාවක පැවැති සාදයකදී තරුණයන් පිරිසක් පොලු මුගුරුවලින් පහරදී කළ සාහසික ඝාතනයක්"
Leave a reply