ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා


ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කලගෙඩිහේනේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා අවුරුදු 24, 27ක හා 32ක තරුණියන් තිදෙනෙකු මෙන්ම එහි කළමනාකරු ගම්පහ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ මුලස්ථාන පොලිස් පරීක්ෂක චරිත ඒ.බී. ජයසුන්දර මහතාට ලැබුණු තොරතුරක් අනුව උපාය දූතයන් දෙදෙනෙකු යොදා සති 2ක් පමණ ඒ ගැන සොයා බලා වැටලීම කර තිබේ.
අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත වැටලීම කර ඇත.
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ලියාපදිංචි කර ඇති එම ආයතනයේ ඉදිරිපස බැලූ බැල්මට
එවැන්නක් නොපෙන නමුත් අභ්‍යන්තරයේ එවැනි දෑ සිදුවන බව උපායදූතයින් ලවා පරික්ෂා කර ගැනීමට හැකි වී තිබේ. එහි වෛද්‍යවරියක් ද සිටි බව පොලීසිය කියයි
එහිදී අත්අඩංගුවට ගත් තරුණියන් බුත්තල, කැස්බෑව, හා බොරැල්ල යන ප්‍රදේශවල පදිංචි අයවේ.
මෙම සම්බාහන මධ්‍යස්ථා‍නයේ ලිංගික ක්‍රියාකාරකම් ස්වංයක්‍රීයවම පටිගත වන පරිදි ඇටවු පරිගණයක් ද එහි තිබී සොයාගෙන තිබේ. එහි ද්‍රෘඩ තැටියේ ඇතැයි කියන අසභ්‍ය දර්ශන පරික්ෂා කිරීම සඳහා එය මොරටුවට යවා ඇත.

Posted in:

0 comments for "ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා"

Leave a reply