ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

බැදිගම උක්කුං’ පාතාල නායකයා මරා දමයි


‘බැදිගම උක්කුං’ නමැති දකුණු පළාතේ හිටපු ප‍්‍රබල ම පාතාල නායකයකු බව කියන අයෙකු වීරකැටිය හීන්දුන්න ප‍්‍රදේශයේ නිවසක් තුළ දී ඝාතනය කොට ඇත.
ඔහුගේ ප‍්‍රධාන ගෝලයකු බව කියන ‘බටුමුල්ලේ රාජා’ නමැත්තා සමඟ ගැටුමක් ඇති කර ගත් ‘හීන්දුන්නේ අතුල’ නමැති අය නිවසට ගොස් ඇති වූ ආරවුලක් හේතුකොට ගෙන අතුල නමැති අය විසින් මෙසේ පොරොවෙන් කොට වෙඩි තබා නිවස තුළ දී ම ඝාතනය කරනු ලැබී ඇති බව පොලිසිය කියයි.
‘බැදිගම උක්කුං’ මීට පෙර දකුණේ හිටපු පාතාල නායකයකු
වන ‘වම්බට්ටාගේ’ කල්ලියේ නායකයකු ලෙසින් කරළියට එන්නේ ‘වම්බට්ටා’ ඝාතනයත් සමඟ ය. දකුණු පළාතට ම භිෂණයක් පතුරා සූරියවැව රත්නවීර අයියා මලෝ කරළියේ පාතාල ක‍්‍රියාකාරකම්වලට එරෙහිව ගැටුණු වම්බොට්ටා හා බැදිගම උක්කුං එකල සිටි දකුණේ ප‍්‍රධාන පාතාල නායකයින් විය.

Posted in:

0 comments for "බැදිගම උක්කුං’ පාතාල නායකයා මරා දමයි"

Leave a reply