ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මනෝ වෛද්‍ය විශේෂඥ ඞී.වී.ජේ හරිස්චන්ද‍්‍ර මහතා අභාවප‍්‍රාප්ත විය


කීර්තිමත් මනෝ වෛද්‍යවරයකු වූ ගාල්ලේ මනෝ වෛද්‍ය විශේෂඥ ඞී.වී.ජේ හරිස්චන්ද‍්‍ර මහතා අද අභාවප‍්‍රාප්ත වුණා.
අද උදෑසන ගාල්ල සිට කොළඹ බලා යමින් සිටියදී හදිසි හෘද රෝගයකින් පසු ඔහු කළුබෝවිල රෝහලට ඇතුළු කළ පසු
අභාවප‍්‍රාප්ත වූ බව පැවසේ.
රූපවාහිනියේ ධර්ම සාකච්ඡුාවලටත් විද්වත් කථිකාවලටත් නිතර සම්බන්ධවූ ඔහු බුදු දහම හා මනෝ විද්‍යාව අතර පවතින විස්මිත සම්බන්ධය අළලා සිත්කාවදින
පැහැදිලි කිරීම් සිදු කළ අයෙකි.
මිය යන විට 75 වැනි වියේ පසුවූ ඒ මහතා ගාල්ල ශාන්ත ඇලූවීෂියස් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.

Posted in:

0 comments for "මනෝ වෛද්‍ය විශේෂඥ ඞී.වී.ජේ හරිස්චන්ද‍්‍ර මහතා අභාවප‍්‍රාප්ත විය"

Leave a reply