ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අළුගෝසු තනතුරට බඳවා ගන්නා ලද පුද්ගලයන් දෙදෙනා හිටිහැටියේ අතුරුදන්

වැලිකඩ බන්ධනාගාරයේ අළුගෝසු තනතුරට බඳවා ගන්නා ලද පුද්ගලයන් දෙදෙනා හිටිහැටියේ අතුරුදන් වී තිබේ. ප්‍රධාන අළුගෝසු සහ සහය අළුගෝසු තනතුරු සඳහා බඳවා ගන්නා ලද මෙම පුද්ගලයන් දෙදෙනා මාස තුනක පුහුණු කාලයක් යටතේ වැලිකඩ බන්ධනාගාරයේ පුහුණුව ලබමින් සිට ඇත.
අළුගෝසු රැකියා ආණ්ඩුවේ ස්ථිර තනතුරුය. පුහුණුව ලබමින් සිටි කාලයේ වැටුප් ගෙවීමක්ද සිදු කරනු ලැබේ. මාස තුනක පුහුණු කාලයෙන් මාස එකහමාරක පුහුණුවක් අවසන් කරමින් සිටියදී ඉකුත් පොහෝ දිනය යෙදී තිබූ පෙබරවාරි 25 වැනිදා නිවාඩුවක් ලබා දෙදෙනා පිටවී ගොස් තිබේ.
එහෙත් මේ දක්වා දෙදෙනා යළි සේවය සඳහා වාර්ථා කර නැත. මෙම තරුණයන් දෙදෙනා යුද හමුදාවෙන්
පළා ගොස් පසුව සමාව ලබා යුද හමුදාවෙන් නීත්‍යාණුකූලව ඉවත් වූවන් බව වාර්ථා වෙයි.
අනතුරුව අළුගෝසු රුකියාව සඳහා ඉල්ලුම් කර ඇති අතර තෝරා ගන්නා ලද එක් තරුණයෙක් අළුගෝසු පුහුණුව සඳහා වාර්ථා කර ඇත්තේ දිගු කොණ්ඩයක් හිස මුදුනට වෙන්න ගැට ගසා ගෙනය.
 වැලිකඩ බන්ධනාගාරය තුළ පිහිටි සිරකරුවන් කොණ්ඩා කපන බාබර් සාප්පුවෙන් තරුණයාගේ මෙම දිගු කොණ්ඩය කපා දමා ඇත. එම කොණ්ඩා බෝලය මේ වනවිට එම බාබර් සාප්පුවේ එල්ලා තිබේ.

Posted in:

0 comments for "අළුගෝසු තනතුරට බඳවා ගන්නා ලද පුද්ගලයන් දෙදෙනා හිටිහැටියේ අතුරුදන් "

Leave a reply