විදුහල්පතිවරයාගේන් ගුටි කෑ ගුරුවරිය රෝහලේ
කන්තලේ අග‍්‍රබෝධි ජාතික පාසලේ විදුහල්පතිවරයාගේ නිල කාමරය තුළ දී එම විද්‍යාලයේ ම ගුරුවරියකට නිවාඩු ප‍්‍රශ්නයක් මුල් කරගෙන විදුහල්පතිවරයා පහර දුන් බව කියමින් ඇය කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ පහරකෑමට ලක්වූ රෝහල්ගත වූයේ වසර 22ක් අග‍්‍රබෝධි ජාතික පාසලේ ම ගුරු වෘත්තියේ රාජකාරි කළ කේ. එම්. එන්. ආර්. චන්දිමා ජයවර්ධන නමැති ගුරුවරියයි.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මෙම ගුරුවරියගේ ගෙල ප‍්‍රදේශයට සහ හිසට තද බල පහරක් වැදී ඇති බව ය. එම අවස්ථාවේ ම ඇයගේ ගෙලට ප්ලාස්ටරයක් දැමීමට කටයුතු කළ අතර හිසේ තත්ත්වය පරීක්ෂා කිරීඹට එක්ස් කිරණ වාර්තාවක් ලබාගැනීමට යොමු කළ බවත් ය. මෙම පහරදීම සම්බන්ධව
ඇය රෝහල් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම පහරදීම සම්බන්ධව අග‍්‍රබෝධි ජාතික පාසලේ විදුහල්පති එච්. ඒ. සී. බී. දිසානායක මහතා සඳහන් කර සිටියේ ‘අප විද්‍යාලයේ කුමන්ත‍්‍රණකාරී ගුරුවරුන් පිරිසක් සිටිනවා. මෙය කුමන්ත‍්‍රණකරුවන්ගේ එක රඟපෑමක්. මා කිසි විටෙක ගුරුවරියකට පහර දීමක් කළේ නෑ. මෙම ගුරුවරියන් කුමන්ත‍්‍රණ කණ්ඩායමේ බසට එකතු වී රෝහල්ගත වෙලා’ යනුවෙනි.
Posted in:
විදුහල්පතිගෙන් බැට කෑ ගුරුවරිය රෝහලේ

0 comments for "විදුහල්පතිවරයාගේන් ගුටි කෑ ගුරුවරිය රෝහලේ"
Leave a reply