ඉඩම් ආරවුලකට දියණිය මවට ඇසිඩ් ගසයි
තම දියණියගේ ඇසිඩ් ප්‍රහාරයට ලක්‌ව බරපතළ ලෙස තුවාල ලැබූ 53 වියෑති මවක් වරකාපොල පොලිසිය විසින් පසුගිය 27 වැනිදා වරකාපොල රෝහලට ඇතුළත් කර ඇත. එල්. ඩබ්. චන්ද්‍රවතී නමැති මෙම මව තමන් හැදූ වැඩූ දියණියගේ ප්‍රහාරයට ලක්වූවාය. ඇය තාඹුගල, දංඕවිට ලිපිනයේ පදිංචි කාන්තාවකි.
ඉඩම් ආරවුලක් මෙම ගැටුමට හේතුවී ඇත. මව පදිංචි ඉඩමේ මායිමක් ලකුණු කිරීමට දියණිය උත්සාහ කිරීමේදී මිනින්දෝරු මහතකු ලවා ඉඩම බෙදා වෙන්කරන තෙක් එහි මායිම් සලකුණු නොකරන ලෙස මව තම දියණියට පවසා තිබේ. එසේ පැවසීම
නිසා උරණ වූ දියණිය තමාගේ මවට ඇසිඩ්වලින් පහරදී ඇත. තාඹුගල ලිපිනයේම පදිංචි 33 වියෑති සැකකාර දියණිය දරුවන් දෙදෙනකුගේ මවකි. ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ ඇය අත්අඩංගුවට ගත් වරකාපොල පොලිසිය වරකාපොල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Posted in:
srienews.com,
ඉඩම් ආරවුලකට දියණිය මවට ඇසිඩ් ගසයි

0 comments for "ඉඩම් ආරවුලකට දියණිය මවට ඇසිඩ් ගසයි"
Leave a reply