ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

දැරියකට හදි කොට හිරේ ගොස් පැමිණ නැවැත ඒ දැරියටම අතවර කරලා


වයස අවුරුදු දහ තුනක දැරිවියකට ලිංගික අතවරයක් සිදු කළැයි චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිට පසුව ඇප මත මුදා හැර සිටි හතළිස් හැවිරිදි විවාහකයකු යළිත් එම දැරියව අපයෝජනයට යොදා ගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව ගිරිබාව පොලිසිය කීය.

ගිරිබාව, වරාවැව යාය හතර අටේ කණුව ප්‍රදේශයේ පදිංචි ආර්.ඩී. රංජිත් අබේරත්න නමැත්තා මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබා ඇත. ඔහු තිදරු පියකු වන අතර
බිරිය අතහැර දමා සිටින්නකු බවද පැවැසේ.

සැකකරු මෙකී දැරිවියට බරපතළ ලිංගික අතවරයක් සිදු කළ බවට ගිරිබාව පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ. දැරිය පරිවාස භාරයට පත්කොට සිට පසුව එමඟින් දැරියගේ ආච්චි අම්මා වෙත භාර දී සිටි බව පැවැසේ. රක්ෂිත බන්ධනාගාරයේ සිටි සැකකරු ඇප මත මුදා හැර පසුව යළි ගමට පැමිණ තිබේ.

ආච්චි අම්මා ළඟ වාසය කළ දැරියව රැගෙන නවගත්තේගම ප්‍රදේශයට ගොස් සිටියදී එහිදී සැක මත දෙදෙනාම නවගත්තේගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ගිරිබාව පොලිසියට භාරදුන් බව පැවැසේ. ඒ අනුව සැකකරු හා දැරිය ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු නැවැත රක්ෂිත බන්ධනාගාරයේ රැඳවීමට නියෝග කෙරිණි.

Posted in:

0 comments for "දැරියකට හදි කොට හිරේ ගොස් පැමිණ නැවැත ඒ දැරියටම අතවර කරලා"

Leave a reply