රට පුරා පෞද්ගලික රෝහල් රෝගීන් ගසා කනවා
රට පුරා පිහිටි පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නා දහස් සංඛ්‍යාත රෝගීන් දැඩි ගසාකෑමකට ලක් කෙරෙන බව පාරිභෝගික අධිකාරිය පවසයි.අධික මිල ගණන් අය කිරීම, එම බිල්පත්වල අය කරන මුදල අය කරන්නේ කුමන කරුණක් සඳහාද යන්න පැහැදිලිව සඳහන් විස්තරාත්මක බිල්පතක් ලබා නොදීම, වෛද්‍යවරයකු චැනල් කර නැවත එම වෛද්‍යවරයාට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමේදී නැවතත් චැනල් ගාස්තුවක් ගෙවීමට නියම කිරීම, රෝගියාට ලබාදෙන ප්‍රතිකාර, අමතර වෛද්‍යවරුන් සම්බන්ධ කර ගැනීම ආදි කරුණු සම්බන්ධව රෝගියා හෝ ඔහුගේ භාරකරු දැනුවත් නොකිරීම, ආදී වශයෙන් රෝගීන්ට ඇතැම් පෞද්ගලික රෝහල්වලින් අසාධාරණ රැසක් සිදු වන බවට තොරතුරු ලැබී තිබේ. පෞද්ගලික රෝහල්වලින් සිදුවෙන එම අසාධාරණකම් සහ අනවශ්‍ය ගසාකෑම් පිළිබඳව පැමිණිලි කිරීමට පොලිසිය හැර වෙනත් ආයතනයක් නොමැත.
මේ නිසා මෙවැනි තත්ත්වයන්ට ගොදුරුවන රෝගීන් සහ ඔවුන්ගේ භාරකරුවන් මේ පිළිබඳව පාරිභෝගික අදිකාරියට දැනුම් දී ඒ හරහා ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙසටද ඉල්ලීම් කර තිබේ.
කොළඹ සහ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පිහිටි සුපිරි
පෞද්ගලික රෝහල් විශාල ප්‍රමාණයක විශේෂඥ වෛද්‍යවරුන් පවා ප්‍රතිකාර සඳහා අයකිරීම් සිදු වන අවස්ථාවල දී දැඩි ලෙස අකාරුණික වූ අවස්ථා රැසක් වාර්තා වෙයි.
සති දෙකක් ඇතුළත වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළහොත් යළි චැනල් ගාස්තු අය නොකරන වෛද්‍යවරු සීමිත ප්‍රමාණයක් සිටිති. එහෙත් ප්‍රතිකාර ලබා දින දෙක තුනක් ඇතුළත වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළද යළි චැනල් ගාස්තු අය කිරීම රෝහල් රැසක සිදු වෙයි. එසේ චැනල් ගාස්තු යළි නොගෙවන බොහෝ රෝගීන්ට වෛද්‍යවරයා හමුවීමට ඉඩ නොලැබෙන අතර ඇතැම් විට සියලුම රෝගීන් බලා අවසන් වූ පසු වෛද්‍යවරයා හමුවීමට ඉඩ ලැබෙන අවස්ථාද විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇත.
එම රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් වෙනුවෙන් අය කරන බිල්පත්වල මුදල් ලක්ෂ ගණනින් තීරණය වෙන අවස්ථා බොහෝය. එහෙත් එම බිල සකස් වන ආකාරය පැහැදිලිව සඳහන් වී නොමැත. රෝහල් ගාස්තු, වෛද්‍යවරයාගේ ගාස්තු, හෙද හෙදියන්ගේ ගාස්තු, ආහාරපාන, බෙහෙත් ද්‍රව්‍ය ආදි වශයෙන් ඇතැම් බිල්පත්වල සඳහන් වූවත් රෝගියාට ලබාදුන් බෙහෙත් වර්ග මොනවාද ඒවායේ මිල ගණන් කොපමණද යන්න කිසිම බිල්පතක සඳහන් නොවන බව පැවසේ.
මේ නිසා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රක්ෂණ ගාස්තු අය කරන රක්ෂණලාභීන්ට රක්ෂණ මුදල් නොලැබී යන අවස්ථාද බොහෝ වෙයි. ඇතැම් පෞද්ගලික රෝහල් කරගෙන යන මෙම ගසාකෑමෙන් ඔවුන් බේරා ගෙන සාධාරණ සේවාවක් ලබා ගැනිමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට පාරිභෝගික අධිකාරියේ දැඩි අවධානය යොමුවී තිබේ.

Posted in:
රට පුරා පෞද්ගලික රෝහල් රෝගීන් ගසා කනවා

0 comments for "රට පුරා පෞද්ගලික රෝහල් රෝගීන් ගසා කනවා"
Leave a reply