මිස් සෙලින්කෝ VIP රූ රැජින කිරුළ පළඳියි
සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම විසින් ප්‍රථම වරට පවත්වනු ලැබූ මිස් සෙලින්කෝ VIP ූ රැජින තරගය ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි පවත්වන ලදි. මේ සඳහා අයෑදුම්කරුවන් 1100 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වූ
අතර මූලික වටයේ තරගයෙන් සෑම පළාතකින්ම රූමත් තරුණියන් තිදෙනෙක් තෝරා අවසාන මහ තරගයට යොමු කරන ලදී. තරගකරුවන් තේරීමේදී රුප ස්‌වභාවය, ස්‌වාධීනව ක්‍රියා කිරීමට ඇති ආත්ම ශක්‌තිය, ආචාරශීලීස් භාවය හා ප්‍රසන්නතාවය යන කරුණු පදනම් කරගත් බව ආයතනය පවසයි.
මිස් සෙලින්කෝ VIP රූ රැජින තරඟයේ ජයග්‍රාහිකාවන් සඳහා මීට පෙර ශ්‍රී ලංකාවේ පවත්වන ලද මෙවැනි තරග සදහා දෙන ලද ත්‍යාගයන් හා සම කළ නොහැකි ඉතා වටිනා ත්‍යාගයන් හා තිළිණයන් ලබා දී ඇත. මේ සඳහා පිළිගත් හා ඉහළ පෙලේ වෙළෙඳ නාමයන් සහිත ආයතනයන් සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම සමග හවුල් වී ඇති අතර ඔවුන්ගෙන් බොහෝමයක් එම සමාගමේ පාරිභෝගිකයන්ද වූහ. තරගකරුවන් ජාත්‍යන්තර මට්‌ටමට ගැළපෙන ලෙස පුහුණු කළ අතර පෞරුෂත්ව වර්ධනය, ප්‍රසිද්ධියේ කථා කිරීම, මෝස්‌තර නිරුපනය හා එයට සරිලන ලෙස ඇවිදීම, පවිත්‍රතාව යන විවිධ අංශ කෙරෙහි පුහුණු කරමින් මනා ආත්ම විශ්වාසයෙන් යුතූව මුහුණ දීමට හැකිවන පරිදි බලගන්වන ලදී.
අවසාන මහ තරගය ඉතාමත් උත්කර්ෂවත් හා වර්ණවත් ලෙස ප්‍රවීණ විනිශ්චය මණ්‌ඩලයකගේ විනිශ්චයට අනුව සිදු වූ අතර මිස් සෙලින්කෝ VIP රූ රැජින ලෙස තාරුකා වන්නිආරච්චි මෙනෙවිය කිරුළු පැළඳුවාය. මේ පිළිබඳව අදහස් දැක්‌වූ ඇය පැවසුවේ මෙම ජයග්‍රහණය සිය ජීවිතයේ විශේෂ අවස්‌ථාවක් බවත් සෙලින්කෝ VIP රූ රැජින තරගයේ ලබාගත් අත්දැකීම් හා දැනුම ඉදිරි දියුණුව සඳහා මහත් පිටිවහලක් වන බවයි.
Posted in:
මිස් සෙලින්කෝ VIP රූ රැජින කිරුළ පළඳියි








0 comments for "මිස් සෙලින්කෝ VIP රූ රැජින කිරුළ පළඳියි"
Leave a reply