ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මාලබේ උපාධිය කඩයයෙන් හොරට ලබා දෙන උපාධි සහතියක් බවට පත්වෙලා තියෙනවා. -


මේ වන විට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සඳහා සිසුන් බඳවාගෙන වසර 5 සම්පූර්ණ වෙමින් තිබෙන නමුත් ඔවුන්ට තවම සායනික පුහුණුව ලබා ගැනීමට නොහැකිවී තිබෙන බවත්  එය අද වෛද්‍ය උපාධි කඩයක් නොව වෛද්‍ය සහතික කඩයක් බවට පත්වී ඇති බවත් වෛද්‍ය අසංග වික‍්‍රමසිංහ පවසයි.  පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී වෛද්‍යවරු සංවිධානය මගින්  පුංචි බොරැල්ලේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

අපි දන්නවා 2008 වසරේ අග තමයි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන කතිකාවතක් ආරම්භ වෙන්නෙ. 2009 මුල ඉඳල ශිෂ්‍යයො බඳවා ගන්න ආරම්භ කරනවා. දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු මහත්තය තමයි ඒකෙ ශිෂ්‍යයො බඳවා ගැනීම ආරම්භ කරන්නෙ. නමුත් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවෙ අනුමැතියක් නොමැතිව ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් විදියට තමයි ආරම්භ කළාට ඹ්Oඓ එකෙන් අවසර අරගෙන තිබුනෙත් නැහැ. මෙහි මැනේජ්මන්ට් කියන නම වෙනුවට
මෙඩිසින් කියන නම දාගෙන තමයි ඹ්Oඓ ව්‍යාපෘතියක් විදියට ආරම්භ කරන්නෙ. රුසියාවෙ පෞද්ගලික  ආයතනයක් විදියට තමයි මෙය ආරම්භ කරන්නෙ. මේ වන විට ශිෂ්‍ය බඳව ගෙන වසර 5 ක් ගතවෙලා තියෙනවා. නමුත් වසර 5 ක් ගතවුණත් සායනික දැනුම ලබා දෙන්න ශිෂ්‍ය රෝහලක් ඔවුන් සතුව නැහැ. ඔවුන් බොරු ප‍්‍රචාර මුල සිටම මේ සම්බන්ධව අරගෙන ගියා. මුලින්ම කීව පෞද්ගලික රෝහලක් හරහා සායනික පුහුණුව ලබා දෙනව කියල. ඒක ඔවුන්ට කරගන්න ලැබුනෙ නැහැ. ඊට පස්සෙ තලංගම, අවිස්සාවේල්ල සහ හෝමාගම මූලික රෝහල්වල ශික්‍ෂණ කටයුතු කරනව කිව්වත් ඒක සාර්ථක වෙලා නැහැ. වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය වන අධ්‍යාපනය විකිණීම පදනම් ව ඔහු 2011 අගෝ. 31 දින ගැසට් නිවේදනයක් නිකුත් කළා මාලබේ පෞද්ගලික විද්‍යාලය උපාධි පිරිනමන විශ්ව විද්‍යාලයක් ලෙස පිළිගනු ලබන බවට. නමුත් එයට වෛද්‍ය සභාව මගින් අනුමැතියක් නොලැබුණු හෙයින් එම ශිෂ්‍යයන්ට ලංකාව තුල වෛද්‍ය සේවය ලබා දෙන්නට හැකියාවක් නැහැ. ඒක නිසා දිගින් දිගටම වෛද්‍ය සභාවට තර්ජනය කරමින් එස්.බී. දිසානායක ඇමතිවරයා   එහි අනුමැතිය ගැනීමට බලපැම් කළා. ඔබ දන්නවා වෛද්‍ය සභාවේ හිටපු සභාපති වෛද්‍ය ලලිතා මෙන්ඩිස් මහතාව බලහත්කාරයෙන් අයින් කරල ආණ්ඩුවේ හෙන්චයියෙක් වුණු කාලෝ ෆොන්සේකාව දාගෙන උත්සාහයක් ගත්තා. ඊලඟට පෞද්ගලික විශ්ව විද්‍යාලයට විරෝධය දක්වපු වෛද්‍ය සභාවේ හිටපු ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහත්මයාට පහර දීල, ඔහුගේ වාහනයට ගහල ඔවුන්ට මර්ධනය දියත් කරා. නමුත් අද වෙනතුරු වෛද්‍ය සභාවෙ අනුමැතිය මාලබේ ආයතනට ලබා ගන්නට හැකියාවක් නැහැ.

අපි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි වෛද්‍යවරු සංවිධානය විදියට අපි මේ සිදුවන වංචාව හා සෞඛ්‍ය සේවයට සිදුවෙමින් යන හානිය රටට පැහැදිලි කළ දේ සත්‍ය වෙමින් තියෙනවා. 2011 අගෝ. 31 දින ගැසට් නිවේදනට අනුව 2013 මාර්තු වෙද්දී ශිෂ්‍ය රෝහල ආරම්භ කළ යුතුයි. නමුත් ශිෂ්‍ය රෝහලක් ආරම්භ කරමින් තිබෙනවා. නමුත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නැහැ කියල ඇමතිවරයා පවසා තිබෙනවා. මේ හේතුවෙන් පසුගිය ජනවාරියේදී ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව නිවේදනයක් මගින් ජනතාව දැනුවත් කරා මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හරහා බොරුවක් කරමින් ඉන්නෙ. ආණ්ඩුව මේ සම්බන්ධයෙන්වත් පියර කිසිවක් ගත්තෙ නැහැ. දැන් මේ වෙන කොට විශාල ලෙස සිසුන් එම පාඨමාලාවලින් ඉවත් වෙමින් තියෙන්නෙ. ඒකෙන් පැහැදිලි වෙන්නෙ ආණ්ඩුව බලාපොරෝතුවුනු මේ අධ්‍යාපනය විකිණීමේ ක‍්‍රියාවලිය අද ජනතාව අතරමං කරන ක‍්‍රියාවලියක් බවට පත්වෙලා තියෙනවා බව. වෛද්‍යවරයෙක් බිහි කරන තැන ඉඳල හොරට ලබා දෙන උපාධි සහතියක් බවට මේ පෞද්ගලික විද්‍යාලය පත්වෙලා තියෙනවා.

මේ සම්බන්ධයෙන් අපි රටේ ජනතාව දැනුවත් කරන්න කටයුතු කරනවා ඉදිරියේදී. මේ තුළින් ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වුණු අධ්‍යාපනය විකිණීමේ වැඩපිළිවෙල පරාජය කරන්න අපි අපේ මැදිහත්වීම සිදු කරනවා.

මෙම අවස්ථාවට පෞද්ගලික විද්‍යාලවලට එරෙහි වෛද්‍යවරු සංවිධානයේ කැඳවුම්කරු එම්.අයි. විජේනායක, වෛද්‍ය ලසන්ත අබේවර්ධන යන වෛද්‍යවරු සහභාගී විය.





Posted in: ,

0 comments for " මාලබේ උපාධිය කඩයයෙන් හොරට ලබා දෙන උපාධි සහතියක් බවට පත්වෙලා තියෙනවා. -"

Leave a reply