ස්ත‍්‍රී දුෂණවලට – ළමා අපචාරවලට හිරේ ගියොත් කිසිදු වරප‍්‍රසාදයක් නෑ
ස්ත‍්‍රී දුෂණ හා ළමා අපචාර සම්බන්ධයෙන් වරදකරුවන් වී සිරදඬුවම් ලබන පුද්ගලයන්ට බන්ධනාගාරගත සෙසු සිරකරුවන්ට හිමිවන වරප‍්‍රසාද ලබාදීම පසුගිය ජනවාරි මස පළමුවැනිදා සිට නතර කර තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ පියවර ගෙන ඇත්තේ පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතාගේ නියෝගයක් අනුව ය.
ඒ අනුව බන්ධනාගාරය තුළ යහපත්
කල් ක‍්‍රියාවෙන් ගතකිරීම මත මෙතෙක් එම සිරකරුවන්ට ලබාදුන් නිවාස නිවාඩුව, බලපත‍්‍ර මත නිදහස් කිරීම ඇතුළු දඬුවම් ලිහිල් කිරීමේ කිසිදු වරප‍්‍රසාදයක් මොවුන්ට හිමි නො වේ.
ස්ත‍්‍රී දුෂණ සහ ළමා අපචාර වරදකරුවන් සම්බන්ධයෙන් රටපුරා නැෙඟන මහජන විරෝධය සැළකිල්ලට ගනිමින් ඇමතිවරයා මෙම නියෝගය පනවා ඇති බව අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසී ය.

0 comments for "ස්ත‍්‍රී දුෂණවලට – ළමා අපචාරවලට හිරේ ගියොත් කිසිදු වරප‍්‍රසාදයක් නෑ"
Leave a reply