ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

නීති පීඨ ශිෂ්‍යාවට සුදුසුම අතක් සොයමින් සිටිනවා රජ කාලයේ දඬුවම් දිය නොහැකි


නිවසේ සිදුවු අනතුරකින් අතක් අහිමි වූ අචලා ප්‍රියදර්ශනී නීති පීඨ ශිෂ්‍යාවට සුදුසුම අතක් සොයමින් සිටින බවත් පෞද්ගලික අංශයේද සහය ඇතිව එම කටයුතු සිදුවන බවත් ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස නොසලකා හැර නැතැයි ද කොළඹදී 05දා පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පවසයි. පැවසීය.
වැලිකඩ සිරකරුවන් සිය ආහාරවේල සඳහා වැය වන මුදල පවා එම සිසුවිය වෙනුවෙන් පරිත්‍යාග කරන විට සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස කිසිදු පියවරක් නොගන්නේ මන්දැයි මාධ්‍යවේදියෙකු විසින් එහිදී විමසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, විදේශ කටයුතු අමාත්‍ය
ජී.එල්. පීරිස් හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් රෝහලට ගොස් ඇයගේ සුවදුක් විමසා බැලූ බවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට දක්ෂ ශෛල්‍ය වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පරීක්ෂණ පවත්වන බවත් එකී පරීක්ෂණ වාර්තාවට අනූව වරදක් කර ඇති නම් ඕනෑම අයෙකුට එරෙහිව පවතින නීතිය යටතේ දඬුවම් ලබාදෙන බවත් නිහාල් ජයතිලක මහතා සඳහන් කළේය.
අත පය කැඩී ලෙඩුන් දිනපතා රෝහල්ගතව ප්‍රතිකාර ලබා පිටව යන බවද මෙවැනි එක් සිද්ධියක් මුල්කර ගනිමින් සමස්ත සෞඛ්‍ය සේවයටම හානියක් නොකරන ලෙසද ලේකම්වරයා මාධ්‍යවේදීන්ගෙන් එහිදී ඉල්ලා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් හමුවේ වරදක් සිදුව ඇත්නම් පවත්නා නීතිය යටතේ දඬුවම් දිය හැකි යැයිද රජ කාලයේ දඬුවම් දිය නොහැකි බවද එහිදී ප්‍රකාශ කෙරිණ.

Posted in: ,

0 comments for "නීති පීඨ ශිෂ්‍යාවට සුදුසුම අතක් සොයමින් සිටිනවා රජ කාලයේ දඬුවම් දිය නොහැකි"

Leave a reply