ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මරණ දඬුවම ඉල්ලා බෝගම්බර වහලය මත නැගී උපවාසයක


මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකු බන්ධානාගාර වහලය මත නැගී උපවාසයක නිරතව තිබේ. 05දා උදෑසන සිට මෙම රැඳවියන් තිදෙනා බෝගම්බර බන්ධනාගාරයේ වහලය මත නැගී උපවාසයේ නිරතව සිටින බව සඳහන්ය.
සිංහල රැඳවියන් දෙදෙනෙකු සහ දෙමළ රැඳවියෙකු මෙලෙස බන්ධනාගාරයේ වහලය මත නැගී
උපවාසයේ නිරත වී සිටියි. මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින මෙම රැඳවියන් තිදෙනා තමන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බෝගම්බර බන්ධනාගාර අධිකාරී තිස්ස ජයසිංහ මහතාගෙන් සඳහන් කළේ අදාළ රැඳවියන් පිරිස සමග සාකච්ඡා කර ඔවුන් වහලයෙන් බැස්සවීමට කටයුතු කරන බවය.

Posted in:

0 comments for "මරණ දඬුවම ඉල්ලා බෝගම්බර වහලය මත නැගී උපවාසයක"

Leave a reply