ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

පෙම් සබඳතාවකට තරවටු කළ සොයුරාට එරෙහිව පෙම්වතා සමග පැනලා ගිහින්


පෙම් සබඳතාවකට තරවටු කළ සොයුරාට එරෙහිව පෙම්වතාට තමා කැටුව යන ලෙස දුරකතනයෙන් දන්වා පෙම්වතා හා පලා ගිය බාලවයස්කාර දැරියකගේ සිද්ධියක් බළන්ගොඩ පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ පිළිබඳ මවුපියන් බළන්ගොඩ පොලිසිය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව දැරිය පොලිසිය මඟින් බළන්ගොඩ මූලික රෝහල වෙත අදාළ පරීක්ෂණ කටයුතුවලට යොමුකර තිබේ.

කලක සිට වයස අවුරුදු 19ක තරුණයෙක් හා වයස අවුරුදු 15 ක්වූ බාලවයස්කාර දැරියක හා ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇත. දැරියගේ වැඩිහිටියන් පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කර තරුණයාට මෙන්ම දැරියටද අවවාද කොට තිබේ. 23 වැනිදා දැරියගේ පියාගේ යහළුවෙක් මෙම දැරිය තරුණයා හා සිටිනු දැක පියා වෙත ඒ බැව් දන්වා ඇත. වහා ක්‍රියාත්මක වූ පියා තරුණයා ලුහුබැඳ ගියත් එහි නොසිටියෙන් නිවෙසේ සිටි පුතුට ඒ ගැන සොයන මෙන් දන්වා තිබේ.

දහවල් උපකාරක පන්තියට යන ලෙසින් ගිය දැරිය තරුණයා හා පෙම්සුව විඳ
නැවැත නිවෙසට පැමිණ තිබේ. සොයුරා මේ ගැන නැඟණියගෙන් විමසා ඇයට තරවටු කර ඇත. මේ ගැන නිවෙසේ නවාතැන් ගෙන සිටි තරුණයාගේ දුරකතනයෙන් පෙම්වතා අමතා තමාට නිවෙසේ සිටිය නොහැකි බව පවසා තමන් රැගෙන යන මෙන් පෙම්වතාට කියා ඇත. ඒ අනුව 23 දහවල් අවුරුදු 17ක සහායකයා සමඟ ත්‍රිරෝද රියකින් පැමිණි තරුණ පෙම්වතා දැරිය රියෙහි නංවාගෙන ගොස් තිබේ.

මේ බැව් නොදත් නිවෙසේ සිටි සොයුරා රියෙහි ශබ්දයට බලන විට සිය නැඟණිය පෙම්වතා හා යනු දැක කෙටි මාර්ගයන්ගෙන් රිය ලුහුබැඳ සොයුරිය නිවෙසට ගෙනැවිත් තිබේ. පෙම්වතාද එහිදී කෙසේ හෝ පෙම්වතිය රැගෙන යන බවට පවසා තිබේ. පොලිසිය වෙත සිද්ධිය පැමිණිලි කිරීමෙන් දැරිය පරීක්ෂණයට රෝහල්ගත කර ඇත සැකකාර පෙම්වතා හා සහායකයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි. මූලික මෙහෙයවීම් කටයුතු උප පොලිස් පරීක්ෂක එම්.එල්. සමරවීර මහතා සිදුකර ඇත.

Posted in:

0 comments for "පෙම් සබඳතාවකට තරවටු කළ සොයුරාට එරෙහිව පෙම්වතා සමග පැනලා ගිහින්"

Leave a reply