ආගම් වලට ගරු කරන ආකාරය දැක බලා ගැනීම සඳහා බොදු බල සේනාවට ඉරාන සංචාරයකට ආරාධනා
‘බොදු බල සේනා’ සංවිධානයට ඉරානය තුළ අනෙකුත් ආගම් වලට ගරු කරන ආකාරය දැක බලා ගැනීම සඳහා එරටට පැමිනෙන ලෙස ඉරාන රජය නිල වශයෙන් ආරාධනා කර තිබේ.අද පෙරවරුවේ බොදු බල සේනා මුලස්ථානයට පැමිණි ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය එම්.එන්. හසානි ෆෝ මහතා බොදු බල සේනා නියෝජිතයින් හමුවී එම ආරාධනය සිදු කර ඇත.
ඉරාන රජය බුදු පිළිම තහනම් කර ඇතිබවට සමහර ජාත්‍යන්තර බලවේද ගෙනයන ප්‍රචාරයෙහි කිසිදු සත්‍යතාවයක් නැතැයි අවධාරණය කර ඇති තානාපතිවරයා, බුදු පිළිම කිසිදු ප්‍රමිතියකින්
තොරව ප්‍රසිද්ධියේ විකිනීමට තබා තිබීමෙන් බෞද්ධයින් තුල වේදනාකාරී හැඟීමක් මතුවිය හැකි බැවින් එවැනි පිළිම ගෞරවනීය අකාරයෙන් ප්‍රදර්ශනය කිරීමට අදාළ නියෝගයන් ක්‍රියාත්මක කර ඇතැයි ද සඳහන් කර තිබේ.
සාකච්ජාවට බොදු බල සේනා සංවිධානයේ සභාපති පුජ්‍ය කිරම විමලජෝති හිමියන් හා එම සංවිධානයේ විධායක කමිටු සාමාජික දිලන්ත විතානගේ මහතා ද සහභාගිවී ඇත.
Posted in:
බොදු බල සේනාවට ඉරාන සංචාරයකට ආරාධනා
0 comments for "ආගම් වලට ගරු කරන ආකාරය දැක බලා ගැනීම සඳහා බොදු බල සේනාවට ඉරාන සංචාරයකට ආරාධනා"
Leave a reply