මර්වින් සිල්වා ඇමතිවරයා දේශමාමක පුද්ගලයෙක් - රාජාවල නන්දරතන හිමියෝ පවසති.
‘මර්වින් සිල්වා ඇමතිවරයා කැලණියෙන් නික්ම ගොස් තිබෙනවා. එතුමාට මෙසේ හිතුමනාපෙට යන්න ඉඩ දෙන්න බැහැ. ඔහු මුලූ රටටම අවශ්‍ය දේශමාමක පුද්ගලයෙක්’ යයි කෑරගල රජමහා විහාරාධිපති හා කෑරගල පද්මාවතී පරිවේණාධිපති රාජාවල නන්දරතන හිමියෝ පැවසති.
මර්වින් සිල්වා අමාත්‍යවරයාට සෙත් පැතීම සඳහා කැලණිය ප‍්‍රදේශයේ පැවති පූජාවකදී රාජාවල නන්දරතන හිමියන් මෙසේද පැවසූහ.
‘මර්වින් සිල්වා ඇමතිවරයා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ජන්ද 1,50,000 ක් මනාප අරගෙන පාර්ලිමේන්තුවට පත්වූ අයෙක්. ඔහු ජනාධිපතිවරයාට ශක්තියක් වූ අයෙක්. කැලණියේ දියුණුව සදහා විශාල සංවර්ධන කාර්යයක්
සිදු කළ අයෙක්. එමෙන්ම තවත් ඉටු කිරීමට සැලැසුම් කරගෙන සිටි අයෙක්.
ඔහු සැබැවින්ම රටට අවශ්‍යය පුද්ගලයෙක් එවැනි පුද්ගලයෙකුට කැලණිය ශ‍්‍රී. ල. නි. ප. සංවිධායක ධූරය අතහැර යන්න ඉඩ දෙන්න බැහැ. ඒ සදහා ජනතා කැමැත්තක් ලැබිලත් නෑ. එතුමාගේ සම්ප‍්‍රාප්තිය නැවත සිදුවේවායි අපි මේ පූජා භූමියේදී ප‍්‍රාර්ථනා කරනවා.’
මෙහිදී ජ්‍යෙතිෂවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් විශේෂ ආශිර්වාද පින්කමක් සිදු කරමින් මර්වින් සිල්වා ඇමතිවරයා කැලණි බිමට ස්ථීර කර දෙත්වායි ප‍්‍රාර්ථනා කරන කවි පෙළක් භාවිතා කරමින් සත්‍යයක් ක‍්‍රියාවකද නිරත විය.
මේ අවස්ථාවට ගම්පහ නියෝජ්‍ය නගරාධිපති අජිත් බණ්ඩාරනයක පෑලියගොඩ නගරාධිපති නිහාල් ආනන්ද මහතා ඇතුලූ පිරිසක් සහභාගී වී සිටියහ.
0 comments for "මර්වින් සිල්වා ඇමතිවරයා දේශමාමක පුද්ගලයෙක් - රාජාවල නන්දරතන හිමියෝ පවසති."
Leave a reply