ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

සැණකෙළි සඳහා ආණ්ඩුව වියදම් කරන්නේ භාණ්ඩාගාරයේ සිටින ආර්ථික ඝාතක නිලධාරීන් කිහිප දෙනෙක් නිසා

දැයට කිරුළ ප‍්‍රදර්ශනයට වැය කරන මුදලින් දහයෙන් එකක (1/10) මුදලකින් සීන් කර්මාන්ත ශාලාවක් ඉදිකර ගැනීමට හැකියයි යැයි දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

බටහිරට අවශ්‍ය පරිදි මෙවැනි නාස්තිකාර සැණකෙළි සඳහා ආණ්ඩුව වියදම් කරන්නේ භාණ්ඩාගාරයේ සිටින ආර්ථික ඝාතක නිලධාරීන් කිහිප දෙනෙකුගේ උපදෙස් අනුව යැයි එම ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කරයි.

පසුගිය වසරේ දැයට කිරුළ ප‍්‍රදර්ශනය වෙනුවෙන් රුපියල් මිලියන 21,000ක් වැය කළ පසුබිමක කිරි කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට වැයවන්නේ රු. මිලියන 1,500ක් හා
කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ඉදිකිරරීමට වැයවන්නේ රු. මිලියන 3,000ක් පමණක් බව ද ඒ මහතා ප‍්‍රකාශ කළේ ය.

මෙරට ආර්ථික උපදේශකයන් ලෙස භාණ්ඩාගාරය තුළ සිටින ලෝක බැංකුවේ ඒජන්තවරුන් කිහිපදෙනාගේ ලේඛන අනුමත කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පඹයන් ලෙස ඉදිරිපත්වන බව ද වසන්ත බණ්ඩාර මහතා පැවැසීය.

ආර්ථික ප‍්‍රතිපත්තියක් නොමැති තත්ත්වයක දී රැකියා උත්පාදනය කරන, දේශීය නිෂ්පාදන වැඩිකරන උපාය මාර්ගික වැඩපිළිවෙළක් රට තුළ නොමැති බව ද ඒ මහතා සඳහන් කළේ ය.

‘‘මේ නිලධාරීන්ගේ වෑයම 2015 වෙද්දී මේ ආර්ථිකලය ක‍්‍රම ක‍්‍රමයෙන් අර්බුදයකට තල්ලූ කරලා බටහිරට අවශ්‍ය පරිදි රට හැරවීමයි. ඒ කියන්නේ 2014 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළන වැඬේට මේ ආර්ථික ඝාතකයන් සහාය දෙනවා. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තේරුම් ගන්න කොට පරක්කු වැඩිවෙන්න පුළුවන්’’ යැයි ද දේශහිතෛෂී ව්‍යාපාරයේ මහලේකම්වරයා පැවැසීය.

Posted in:

0 comments for "සැණකෙළි සඳහා ආණ්ඩුව වියදම් කරන්නේ භාණ්ඩාගාරයේ සිටින ආර්ථික ඝාතක නිලධාරීන් කිහිප දෙනෙක් නිසා"

Leave a reply