ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ආණ්ඩුවට එරෙහිව ‍විපක්ෂයේ විරෝධය දියත් කරන සංග්‍රාමයක ආරම්භය සහිත ප්‍රතිපත්ති ප්‍රකාශනයට අත්සන් තබයි


විපක්ෂයේ පක්ෂ කිහිපයක් විසින් ආණ්ඩුවට එරෙහිව ‍පොදු එකඟතාවයක් මත කටයුතු කිරීමට තීරණය කරමින් කොළඹදී 11දා අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන ලදී. විපක්ෂයේ විරෝධය දියත් කරන සංග්‍රාමයක ආරම්භය සහිත ප්‍රතිපත්ති ප්‍රකාශනයට අත්සන් තැබුවේ කොළඹ නව නගර ශාලාවේ පැවැති උත්සවයකදීය.
එහිදී විපක්ෂයේ විරෝධතාවයේ ප්‍රතිපත්තිවලට එකඟව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ, නව සම සමාජ පක්ෂය වෙනුවෙන් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, මව්බිම ජනතා ව්‍යාපාරය වෙනුවෙන් ආචාර්ය හේමකුමාර නානායක්කාර, රුහුණු ජනතා පක්ෂය වෙනුවෙන් අරුණ සොයිසා, මුස්ලිම් දෙමළ ජාතික පෙරමුණ වෙනුවෙන් අසාද් සාලි, එක්සත් ජනතා පෙරමුණ
වෙනුවෙන් සිරිමසිරි හපුආරච්චි, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ වෙනුවෙන් මනෝ ගනේෂන් සහ නිදහසේ වේදිකාව වෙනුවෙන් නීතිඥ සුදර්ශන් ගුණවර්ධන යන මහත්වරු අත්සන් තැබූහ.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා මේ අවස්ථාවට සහභාගි නොවුණද ඔහු නියෝජනය කරමින් පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ඊට අත්සන් තැබුවේ නැත.

Posted in:

0 comments for "ආණ්ඩුවට එරෙහිව ‍විපක්ෂයේ විරෝධය දියත් කරන සංග්‍රාමයක ආරම්භය සහිත ප්‍රතිපත්ති ප්‍රකාශනයට අත්සන් තබයි"

Leave a reply