සමහර මන්ත්‍රීවරුන් පෙන්වන්නේ විමධ්‍යගත මුදල් ගෙදරින් ගෙනාවා වගෙයි - සුනිල් හඳුන්නෙත්ති
අද මේ රටේ පාසල් නඩත්තු කරන්න වෙලා තියෙන්නේ දෙමවුපියන්ට. එහෙම නඩත්තු කළත් විභාග ගැන විශ්වාසයක් නෑ. ඒ වගේ රැකියා ගැනත් විශ්වාසයක් නෑ. ගම්වල නැති බැරි අයගේ ළමයි පාසල්වලට දා ගන්න බෑ. ගේ ළඟ සුපිරි පාසල, පාසල ළඟ එකාට වැහිලා. ළමයින්ගේ දෙමාපියන් දේශපාලකයන්ගේ ඔළුව කන්න හදනවා. ගමේ පාසලට පහසුකම් අඩු වූණාට ඇති හැකි අයගේ දරුවෝ යන පාසලට පහසුකම් දෙන්නේ උඩ පැන පැන. මේ ක්‍රමය අපේ රටට මොන තරම් ගැළපේද කියන එක ප්‍රශ්නයක් යෑකි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මීගොඩ දී පැවැසීය.
මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ රුපියල් ලක්‍ෂ පහක විමධ්‍යගත අරමුදල්
යොදවා සංවර්ධනය කළ මීගොඩ ආටිගල මාතෘ සායන ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්‌ථාවට එක් වෙමින් පැමිණ සිටි ජනතාව අමතමිනි.
තවදුරටත් අදහස් දැක්‌වූ සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ ද කීවේය. විමධ්‍යගත අරමුදල් කියන්නේ මන්ත්‍රීවරු, ඇමැතිවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු ගෙදරින් ගේන මුදල් නොවෙයි. ඒවා ජනතාවගේ බදු මුදල්. ඒ වුණාට සමහර සභාපතිවරු හිතන් ඉන්නේ ඒවා එයාලගේ සල්ලි කියලා. ඒකනේ ලොකුවට රූපේ දාලා නමක් ගහන්නේ. ජනතාවගේ මුදල්වලින් ජනතාවට සේවය කරලා තමන්ගේ ප්‍රතිරූප හදාගන්න එක හරි වැඩක් නොවෙයි. කළ යුත්තේ ජනතා මුදල් නිසි ලෙස ජනතා සේවයටම යොදන එකයි.
හෝමාගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලක්‍ෂ්මන් ජයමාන්න මහතා කතා කරමින් මෙසේ කීවේය. ශ්‍රී ලංකාවේ සමහර මාධ්‍ය ජනතාව අයහපත් ආහාරවලට යොමු කරනවා. මේ නිසා බෝ නොවෙන රෝග ශීඝ්‍රයෙන් ජනතාවට බෝ වෙනවා. මින් ජනතාව ගලවා ගැනීමට හැමෝම පෙළ ගැසිය යුතු වෙනවා.
මේ අවස්‌ථාවට හෝමගම ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක අනුර පනාගොඩ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුර බමුණුආරච්චි යන මහත්වරුද සහභාගි වූහ.
.jpg)
0 comments for "සමහර මන්ත්‍රීවරුන් පෙන්වන්නේ විමධ්‍යගත මුදල් ගෙදරින් ගෙනාවා වගෙයි - සුනිල් හඳුන්නෙත්ති"
Leave a reply