ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

11 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක පාළු නිවෙසකට රැගෙන ගොස් ලිංගික අතවරයක් සිදු කරලා

පාසල් නිල ඇඳුමින් සැරසී පාසල් ගිය සිසුවියක් පාසල නිමා වී සවස පාට ගවුමකින් සැරසී ගෙදර පැමිණීම ගැන මිත්තනිය කළ ප්‍රශ්න කිරීමේදී මෙම සිසුවිය ලිංගික අතවරයකට ලක් වී තිබෙන බව දැන ගන්නට ලැබී තිබේ.
 11 වසරේ ඉගෙනුම ලබන අවුරුදු 15යි මාස 09ක් වයසැති ශිෂ්‍යාවක 20දා උදේ ත්‍රිරෝද රථයකින් පුත්තලම පිටවටරවුම් ප්‍රදේශයේ පාළු නිවෙසකට රැගෙන ගොස් ලිංගික අතවරයක් සිදු කළ බවට සැකකරන 24 හැවිරිදි ඇගේ පෙම්වතා බව කියන තරුණයකුද ඔහුට මේ සඳහා උදවු උපකාර කළ බව කියන ත්‍රිරෝද රථ රියැදුරන් දෙදෙනකු ඔවුන්ගේ ත්‍රිරෝද රථ සමඟ ද එදින රාත්‍රි 11ට පමණ අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසයි.
 කරුවලගස්වැව පොලිසිය පැමිණිල්ලක් කර තිබේ. පාසල් යන බව පවසා උදේ ගෙදරින් පිට වී ගිය මෙම බාල වයස්කාර දැරිය ඇයත් සමග මිතුරු තරුණයා සමග නවාතැන් පොළකට
ගොස් තිබේ. එහිදී ඇයට අතවරය සිදු වී ඇත.
එසේම අතවරයට පත්වූ බව කියන ශිෂ්‍යාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රෝහල්ගත කළ බවද පොලිසිය පැවැසීය.සැකකරුවන් පුත්තලම පිටවටරවුම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මෙහි සැකකාර පෙම්වතා පුත්තලමේ සිට රුපියල් 800කට කුලියට ගත් ත්‍රිරෝද රථයකින් කරුවලගස්වැව ප්‍රදේශයට පැමිණ ශිෂ්‍යාව රැගෙන ගොස් එහිදී ඔහු මෙම අතවරය සිදුකොට ඇති බවත් පැවැසේ.

පොලිසිය වැඩිදුරටත් පවසන අන්දමට මෙම දැරියගේ මව විදෙස් ගතවී සිටී. එම නිසා දැරිය ජීවත්වන්නේ ඇගේ කිරිඅම්මා සමඟය. උදෑසන නිල ඇඳුමින් සැරසී පාසල් ගිය තම මිනිබිරිය සවස සාමාන්‍ය ඇඳුමකින් සැරසී නිවෙසට පැමිණීම පිළිබඳ මිත්තණියට සැක සිතී ඇත. පසුව ඒ පිළිබඳ ඇගෙන් විමසීමේදී පෙරකී තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ මිත්තණිය සිය මිනිබිරියද සමඟ 20 රාත්‍රි 7.00ට පමණ මේ පිළිබඳ පැමිණිල්ලක් කළ බවත්, ඒ අනුව පරීක්ෂණ පවත්වා එදිනම රාත්‍රි 11.00ට පමණ පුත්තලම ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිසිය පැවැසීය.



Posted in:

0 comments for "11 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක පාළු නිවෙසකට රැගෙන ගොස් ලිංගික අතවරයක් සිදු කරලා"

Leave a reply