ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ජයග්‍රහණය අහම්බයක් නොකරන්න උත්සාහ කරනවා

කාන්තා ජගත් කුසලානයේදී ලෝක ශූර එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමට ලැබීම තම ජීවිතයේ වාසනාවන්තම මොහොතක් බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව, එම ජයග්‍රහණය අහම්බයක් නොවීමට උත්සාහ දැරීම කණ්ඩායමේ උත්සාහය බව ද පවසන්නීය.

ශෂිකලා සිරිවර්ධන එම අදහස් පළ කළේ ඉන්දියාවේ පැවැත්වෙන ජගත් කුසලාන මූලික වටයේ තරඟයේදී ලෝක ශූරයන් පරාජය කිරීමෙන් අනතුරුව සාකච්ඡාවකට එක්වෙමින්.

පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයට ක්‍රීඩා කළ කණ්ඩායම සහ
මෙවර තරඟ වදින කණ්ඩායමේ සාමාජිකයන් අතර විශාල වෙනසක් නැතත්, ප්‍රධානම වෙනස කණ්ඩායමේ මානසික ශක්තිය වර්ධනය කිරීමට කළමනාකාරිත්වය ඇතුළු බලධාරීන්ගේ උත්සහය බව ද නායිකා ශෂිකලා සිරිවර්ධන පවසන්නීය.

ශූරතාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට නම් තවත් එක් තරඟයක් හෝ ජය ගත යුතු බවත්, දෙවැනි වටයට පමණක් නොව අවසාන මහා තරඟය දක්වා සුදුසුකම් ලැබීම කණ්ඩායමේ බලාපොරොත්තුව බවත් නායිකාව සඳහන් කළාය.

Posted in:

0 comments for "ජයග්‍රහණය අහම්බයක් නොකරන්න උත්සාහ කරනවා"

Leave a reply