ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

පෙම්සුව විඳින්න ගොස්‌ තානායමක්‌ තුළ මියගිය පුද්ගලයා පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණ පැවැත්වීමට නියෝග

කළුතර තානායමේ කාමරයක්‌ තුළදී හදිසියේ රෝගී වූ 53 හැවිරිදි පුද්ගලයාගේ මරණය පිළිබඳ ඔහු සමඟ එහි සිටි 33 හැවිරිදි කාන්තාවකගෙන් ප්‍රකාශයක්‌ සටහන්කර ගෙන ඇතැයිද මළසිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට නියෝගයක්‌ නිකුත් කරන්න යෑයි කළුතර දකුණ පොලිසිය 28 දා කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් නාමල් පෙරේරා මහතා වෙත ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළේය.
පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු දේහය ඥතීන්ට භාරදෙන ලෙස වැඩිදුර පරීක්‍ෂණ වාර්තාවක්‌ මෙම මස 31 දා අධිකරණයට
ඉදිරිපත් කරන ලෙස විනිසුරු පොලිසියට නියෝග කළේය.
මෙම මියගිය පුද්ගලයා සමඟ කළුතර තානායමේ රැඳී සිටි වැලිපැන්න මාවතගොඩ පදිංචි 33 හැවිරිදි කාන්තාවගෙන් පොලිසිය ප්‍රකාශයක්‌ ලබාගෙන ඇතැයිද තානායමට පැමිණ සුළු වේලාවකින් මිය ගිය අයට කැස්‌සක්‌ සැදුන අතර පසුව ඔහුව ඇය සහ තානායම් සේවකයන් රෝහලට රැගෙන ගිය බව ඇය ප්‍රකාශකර ඇතැයි කළුතර පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක චන්දිමාල් මහතා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌වේ.
තම සැමියාගෙන් තමන් වෙන්වී ඇතැයිද ඔහුගෙන් තමන්ට 18 හැවිරිදි පුතෙකු සිටින අතර මියගිය පුද්ගලයාද විවාහකයකු වන අතර ඔහුටද 15 හැවිරිදි පුතෙකු සිටින බවද ඇය පොලිසියට ප්‍රකාශ කළ බව එම වාර්තාවේ දැක්‌වේ.

Posted in: ,

0 comments for "පෙම්සුව විඳින්න ගොස්‌ තානායමක්‌ තුළ මියගිය පුද්ගලයා පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණ පැවැත්වීමට නියෝග"

Leave a reply