‘මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ’ හොරකම්කල ඉරාජ්ට නඩු
‘මට ආලෝකෙ ගෙනදේවි සන්සාරයේ’ යන හර්බට් එම්ග සෙනවිරත්න මහතා ලියූ ගීතයේ පදමාලාව අනවසරයෙන් ගෙන විකෘති කර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළ ‘ගායකයකු බව කියන’ ඉරාජ් වීරරත්නට නැමැත්තාට ලබන 19 වැනිදා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කර තිබේ.
සෙනවිරත්න මහතාගේ බිරිය වන ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න ඉරාජ්ගෙන් රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ
ගොනු කර තිබූ පැමිනිල්ල සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණී රොහාන් අමරසේකර මහතා මෙම නියෝගය කර ඇත.
මීට වසර 63කට පෙර හර්බට් මහතා මෙම ගීයේ පදවැල ලියා ඇත්තේ යයිද පැමිණිල්ලේ සඳහන්ය.
.

0 comments for "‘මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ’ හොරකම්කල ඉරාජ්ට නඩු"
Leave a reply