විමළවංශ හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයට අනුව මොරටුව පොලිස් ස්ථානාධිපති මාරු කරයි.
මොරටුව, එගොඩඋයන, ශ්‍රී සුනන්දෝපානන්ද විහාරාධිපති මැටිගහ තැන්නේ විමළවංශ හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාෂය ඒ සම්බන්ධ මුලික වාර්ථාවක් පොලිස්පතිවරයා වෙත ලබා දී ඇති අතර එම වාර්ථාව අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මොරටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නූර්දීන් මහතා පොලිස් ක්‍රේෂ්ත්‍ර බලකා මූලස්ථානයට මාරු කර ඇත.නව මොරටුව පොලිස් ස්ථානාධිපතිවරයා වන්නේ පොලිස් පරීක්ෂක ජේ.කේ.එස්.කේ. ජයනෙත්ති මහතාය. මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මොරටුව උප නගරාධිපතිවරයා හිටපු පොලිස් ස්ථානාධිපති නූර්දීන් මහතා එදිරියේ දී පහර දීමක් සිදුකර තිබේ.
එමෙන්ම විහාරාධිපති හිමියන් ඝාතනයට
ලක්වූ දින උන්වහන්සේ විසින් සවස 6ට සහ රාත්‍රී 8ට පොලීසියට පැමිණිලි 2ක් ඉදිරිපත්කර ඇත.
ඊට අමතරව විහාරධිපති හිමියන් ඝාතනයට තුඩු දුන් ඉඩම් ආරවුල සම්බන්ධයෙන් පැමිණිලි 7ක් මොරටුව පොලිසියට ඉදිරිපත් කර ඇති නමුත් නිසි විභායක් එම පැමිණිලි සම්බන්ධයෙන් සිදුකර නොමැති බව පොලිස්පතිවරයා වෙත කොළඹ අපරාධ කොට්ඨාෂය විසින් ලබා දුන් මුලික විමර්ෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
අදාළ සැකකරුවන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කර දමා තිබූ මොරොන්තුඩුව, දැල්කඩ පාලූ ළදු කැලෑව අසල එස්.එස්.ජී.වර්ගයේජීව අත්අබොම්බ දෙකක් තිබී මොරොන්තුඩුව පොලිසිය විසින් 09 දා සවස සොයා ගෙන තිබේ. විමලවංශ හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි හදුනාගත් සුජීව ගුණරත්න සහ රන්දිම නවරත්න යන දෙදෙනාගේ දෑස් සහ දෑත් ගැට ගසා හිසට නාදුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර දමා ගොස් තිබියදී හමු වූයේ මෙම ස්ථානයේ දීය.
සොයා ගන්නා ලද මෙම ජීව අත්බෝම්බ දෙක විමලවංශ හිමියන්ගේ හෝ උන්වහන්සේ ඝාතනය කොට,ඝාතනයට ලක් වූ සැකකරුවන්ගේ ඝාතනවලට සම්බන්ධයක් නැතැයි මොරොන්තුඩුව පොලිසිය පවසයි. ජීව අත්බොම්බ දෙක සොයා ගෙන ඇත්තේ සැකකරුවන් දෙදෙනා ඝාතනය කළ ස්ථානයට මීටර් 50ක් පමණ නුදුරිනි. ෂොපින් බෑගයක දමා කම්බි පොටක එය එල්ලා තිබිය දී සොයා ගෙන ඇත.
http://www.srienews.com/2013/02/blog-post_9537.html
Posted in:
sri e news
0 comments for "විමළවංශ හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයට අනුව මොරටුව පොලිස් ස්ථානාධිපති මාරු කරයි."
Leave a reply