වෛද්‍යවරයකුගේ ලිංගික අතවරයට ලක්‌වූ කුරුණෑගල හෙද ශිෂ්‍යාවක් හලාවත රෝහලට
කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකුගේ ලිංගික අතවරයට ලක්‌වූ කුරුණෑගල හෙද අභ්‍යාස විද්‍යාලයේ ශිෂ්‍යාවක් බරපතළ ලෙස රෝගාතුර වී 07 දා හලාවත රෝහලට ඇතුළත් කර ඇත.
හලාවත රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළ අන්දමට මෙම හෙද ශිෂ්‍යාව කුරුණෑගල රෝහලට ඇතුළත් නොකර හලාවත රෝහල වෙත එවා තිබෙන්නේ සිද්ධිය පිළිබඳ තොරතුරු සඟවාලීමේ අරමුණිනි.
නිතර කුරුණෑගල රෝහලේ පුහුණුව සඳහා පැමිණෙන මෙම හෙද ශිෂ්‍යාව
අදාළ වෛද්‍යවරයා විසින් එදින රෝහල වෙත ගෙන්වාගෙන ඇත. පසුව බලහත්කාරයෙන් ඇයට ලිංගික අතවර කර ඇති බව හෙළිවී ඇතත් ඒ පිළිබඳ ඇයට කිසිවකු වෙත හෝ පැමිණිලි කිරීමට මෙතෙක් හැකියාවක් ලැබී නැතැයි ඉහත ප්‍රකාශකයා කීය.
මෙම හෙද ශිෂ්‍යාව මේ වන විට බරපතළ ලෙස රෝගාතුර වී හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද හෙතෙම කීවේය.
Posted in:
sri e news.com
0 comments for "වෛද්‍යවරයකුගේ ලිංගික අතවරයට ලක්‌වූ කුරුණෑගල හෙද ශිෂ්‍යාවක් හලාවත රෝහලට"
Leave a reply