ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මංචි කැකුලාගේ පියා මැරූ වාහනය අල්ලන්න පොලිසිය මහජන සහයද අපේක්ෂා කරයි.


රාත්‍රී කාලයේදී මහ මග යමින් සිටි පුද්ගලයකු යටකර මරාදමා පලාගිය වාහනය හා රියදුරු වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කළයුතු බවට මහියංගන වැඩ බලන මහේස්‍ත්‍රාත් ගාමිණි රඹකැන්පුර මහතා ගිරාදුරුකෝට්ටේ පොලිසය නියෝග කළේය.
වායනයක හැප්පීමෙන් මරණයට පත්වූ මහියංගන දඹාන පදිංචි ඌරු වරිගෙ රත්නායක හෙවත් ‘කැකුලා’ නැමැත්තාගේ මහේස්ත්‍රාත් පරික්ෂණයේදී හෙතෙම එසේ නියෝග කළේය.
පොලිසිය පැවසූ පරිදි 23දා මෘත දේහය තැලී පොඩිවී තිබූ අතර ශරිර අභ්‍යන්තර කොටස් පවා පාර පුරා විසිරී තිබුණි. අනතුර සිදුව තිබුණේ මහියංගන, පොළොන්නරු මාර්ගයේ අළුත්කරම විදුහල ඉදිරිපිටදීය.
සිද්ධියට අදාලව කිසිම තොරතුරක් හෝ සාක්ෂියක් මෙතෙක් ලැබී නොමැත. මෘත දේහය හඳුනාගත් මියගිය අයගේ පුතෙකු කියා සිටියේ තම පියා කාලයක පටන් සිහි මද ගතියෙන් පෙළුණු බවත් හිස හැරුණු දෙසට දිවා රාත්‍රී වෙනසක් නැතිව ඇතැම් දින වලදී ඇවිදින බවත්ය.
දින දෙකකදී ගෙදර නොසිටි අතර ඔහුගේ වයස අවු 54 ක් පමණ බවඳ ඔහු පැවසීය.
අදාල රථ‍ය හා රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා ගිරාඳුරුකෝට්ටේ පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන අතර මහජන සහයද අපේක්ෂා කරයි.

Posted in: ,

0 comments for "මංචි කැකුලාගේ පියා මැරූ වාහනය අල්ලන්න පොලිසිය මහජන සහයද අපේක්ෂා කරයි."

Leave a reply