ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

කොස්තාපල්වරියව ගබ්සා කරන්න යද්දී හොර දොස්තර මාට්ටු

අනුරාධපුර කඩ 12 උසාවි සංකීර්ණය ඉදිරිපිට නීති විරෝධී ලෙස ගබ්සා කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ශ‍්‍රි ලංකා යුධ හමුදාවේ හිටපු වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයෙකු (MLT) නුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් ඊයේ (26) සවස අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිවර්ධන මහතාට නිර්නාමිකව ලැබුණු පෙත්සමකට අනුව අනුරාධපුර දිසා බුද්ධි තොරතුරු ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක තෙන්නකෝන් මහතා කළ පරික්‍ෂණයකින් අනතුරුව මෙම ස්ථානය වටලා සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් කොස්තාපල්වරියක් හා පොලිස් කොස්තාපල්වරයෙකු උපාය ධූතයෙකු ලෙස යොදවා මෙම වැටළීම සිදුකර ඇති අතර උපාය ධූතයින් දෙදෙනා
තමුත්තේගම මූලස්ථාන පොලීසියේ සේවය කරන බවද පොලීසියය පවසයි.
 27 වන දා සවස උපාය ධූතයින් එම ස්ථානයට ගොස් ගබ්සාවක් කරගැනීම සඳහා කථිකා කරගෙන ඇති අතර එම ස්ථානය පවත්වාගෙන ගිය හිටපු යුද හමුදා කාර්මික විද්‍යාඥයා පොලිස් කොස්තාපල් වරියට ගබ්සාව සිදු කිරීමට යාමේ දී අත්අඩංගුවට පත් වී ඇත.
 අත්අඩංගුවට ගත් සැකකරු සමඟ ගබ්සාවන් සඳහා යොදා ගන්නා උපකරණ සහ බෙහෙත් ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් විශේෂ අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ඇත.

Posted in:

0 comments for "කොස්තාපල්වරියව ගබ්සා කරන්න යද්දී හොර දොස්තර මාට්ටු"

Leave a reply