බීම වීදුරුවට රු. 20ක් ගෙවා නැති නිසා පන්ති භාර ගුරුතුමියගෙන් ළමයාට දඬුවම්
පාසලෙහි නිවාසාන්තර ජවන හා පිටියේ තරග පවත්වන අවස්ථාවේ බීමට දෙන්න සූදානම් කළ කෝඩියල් බීම වීදුරුවට රු. 20ක් රැගෙන එන ලෙස කන්ද උඩරට ගම්පොළ කලාපයට අයත් ජනප්‍රිය පාසලක සිසු සිසුවියන්ට විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය නියම කර ඇත.
එම විද්‍යාලයේ තුන්වැනි ශේ්‍රණියේ සිසු දැරියක එම මුදල ගෙවා නැති නිසා පන්ති භාර ගුරුතුමිය ළමයාට දඬුවම් කර තිබේ. කුඩා දැරිය නිවෙසට ගොස් සිය පියාට සිද්ධිය පවසා ඇත.
එකම දියණියට දඬුවම් කිරීම ගැන දැඩි සිත් වේදනාවට පත් පියා එම පාසලේ ඉගෙනුම ලබන දරුවන් හතර දෙනා වෙනුවෙන් මේ වසරේ ජනවාරි 02 වැනි දා සිට පෙබරවාරි 15 වැනි දින දක්වා කාලය තුළ පාසලට රු. 2,463ක මුදලක් ගෙවා ඇති බව පැවසේ. එසේ තිබියදී දියණියට දඬුවම් කිරීම පිළිබඳ විමසා මෙතෙක් පාසලට ගෙවා ඇති මුදල් විස්තරද සඳහන් කර ලිපියක් ලියා එය
වැඩිමහල් පුතා (9 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන) අතේ විදුහල්පතිවරයාට යොමුකර ඇත.
ඉන් පසු එම දරුවාද පාසල් යෑමට අදිමදි කරන නමුත් පියාට කිසිවක් නොකියයි. විදුහල්පති මේ ලිපියට විසඳුම වෙනුවට පාසල් භූමියෙහි වගුරු බිමක එළ වැස්සියන් දෙදෙනකු දිනපතා ගැට ගැසීමට විරුද්ධව එම පියාට නාවලපිටිය පොලිස් ස්ථානයෙහි පැමිණිල්ලක් ගොනු කර ඇත. එය නිරීක්ෂණය කිරීමට පැමිණි පොලිස් නිලධාරියා දෙදෙනාටම 2013.02.20 වැනි දින සවස 3.00ට පොලිසියට එන ලෙස පවසා ඇත. පොලිසියේදී පැමිණිල්ල විභාග කරන විට ගැටලුවේ ඇතුළාන්තයට නොගොස් මුදල් අය කිරීම පිළිබඳ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දන්වන ලෙස පවසා හරකා ගැට ගැසීම පිළිබඳ ගැටලුවට පිළියම් ලෙස දෙදෙනාම සමථයට පත් වන ලෙස පවසා පැමිණිල්ල විභාගය නිමා කර තිබේ.

0 comments for "බීම වීදුරුවට රු. 20ක් ගෙවා නැති නිසා පන්ති භාර ගුරුතුමියගෙන් ළමයාට දඬුවම් "
Leave a reply