ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ජමිතුල් උලමාට අවමන් කිරීම සමස්ත මුස්ලිම් ජනතාවටම කරන අවමානයක්


කිසිදු ගෞරවයක් නො දක්වා ජමිඉයියතුල් උලමාවරුන්ව විවේචනයට හා අවමානයට ලක්කිරීම සම්බන්ධයෙන් සමස්ත මුස්ලිම්වරුන් මහත් සිත්තැවුලට පත් ව සිටින බවත් සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය අවමානයට ලක් කිරීම යනු මෙරට වෙසෙන සමස්ත මුස්ලිම්වරුන් අවමානයට ලක් කිරීමට සමාන බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මහ ලේකම් හසන් අලි මහතා එම පක්ෂයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේ දී ප‍්‍රකාශ කොට තිබේ.

මෑත කාලයක සිට ශ‍්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට
සැලසුම් සහගත විරෝධතා ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක වන බවත්, හලාල් කියන්නේ එහි එක් ප‍්‍රශ්නයක් බවත් පවසා ඇති ඒ මහතා ශ‍්‍රී ලාංකික මුස්ලිම්වරුන් කියන්නේ ඉතාමත් ගෞරවයෙන් හා ආත්ම අභිමානයෙන් යුතුව ජීවත්වන පිරිසක් බැවින් වර්තමානයේ මුහුණදීමට සිදුව ඇති ප‍්‍රශ්න හමුවේ ඔවුන් දැඩි කලකිරීමටත් මනස්තාපයටත් පත්ව සිටින බව සඳහන් කර තිබේ.

හලාල් විරෝදතාවන් ගැන මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්චා වී ඇති අතර උත්තරීතර මණ්ඩල රැස්වීමේ දී මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ ආර්ථික, ආගමික, සංස්කෘතික යන ක්ෂේත‍්‍ර සම්බන්ධයෙනුත් වර්තමානයේ ගැටලූ ඇතිකර තිබෙන බව ප‍්‍රකාශ වී තිබේ.

Posted in: ,

0 comments for "ජමිතුල් උලමාට අවමන් කිරීම සමස්ත මුස්ලිම් ජනතාවටම කරන අවමානයක් "

Leave a reply