ව්‍යාජ මැණික් ගල් 02 ක් රුපියල් ලක්ෂ 5 1/2ට විකිණු කතක් අල්ලයි
රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සාලියවැව පොලීසියට ඊයේ කරන ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ සාලියවැව පොලිස් වසමේ ගලවැව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවකි. ඇයගේ ස්වාමි පුරුෂයා මේ වන විට විදේශ ගතව සිටින බව පොලීසිය කියයි.
මෙම ව්‍යාජ මැණික් ගල් අලෙවියට ගිරිබාව, පැරකුම්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඇතුළු තවත් සැකකරුවන් දෙදෙනෙකු හවුල් වී ඇති බව පොලීසිය අනාවරණය කර ගෙන ඇත.
ප්‍රධාන සැකකරු බව කියන ගිරිබාවේ පදිංචිකරු පැමිණිලිකරු වෙත දුරකථනයෙන් කතා කර මැණික් ගල් අලෙවිය සම්බන්ධයෙන් කතා කර ඇත.
පසුව පැමිණිලිකරු තවත් පුද්ගලයෙකු සමග ගලවැව ප්‍රදේශයට පැමිණ
දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකාරියගේ නිවසේදී අදාළ ගනු දෙනුව සිදු කර ඇති බව අප වාර්තාකරු පවසයි.
පසුව පැමිණිලිකරු තමන් මිලදී ගත් මැණික් ගල් 2ක රත්නපුර ප්‍රදේශයේ සිටින ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු වෙත ගෙන ගොස් අලෙවි කිරීමට සුදානම් වන විට ඒවා ව්‍යාජ මැණික් ගල් බවට අනාවරණය වී ඇත. ඒ අනුව පැමිණිලිකරු විසින් මෙම පැමිණිල්ල සිදු කර තිබේ.
තමන් විසින් සිදු කරන ලද්දේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා පරිහරණයට තම නිවස ලබා දුන්නා පමණක් යැයි අත්අඩංගුවට ගෙන සිටින සැකකාරිය පොලීසියට පවසා ඇත.
එමෙන්ම තමා හඳුනන්නේ ගිරිබාවේ පදිංචි මෙම ගනු දෙනුවේ ප්‍රධාන සැකකරු පමණක් බවත් සෙසු අයව නොහදුන්න බවද ඇය පොලීසියට පවසා තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය සහ අලෙවි කළ බව කියන ව්‍යාජ මැණික් ගල් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයේ වංචා විමර්ශන අංශයට බාර දී ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් පවසයි.
.jpg)
0 comments for "ව්‍යාජ මැණික් ගල් 02 ක් රුපියල් ලක්ෂ 5 1/2ට විකිණු කතක් අල්ලයි"
Leave a reply